FOREX 4

 

එසේම Real  ECN∕ STP Forex Broker ආයතන යැයි පවසා සිටියද එම ආයතන සමඟ ප්‍රායෝගිකව Trade කිරීමේදී Dealing Desk Broker ලක්ෂණ මතු වෙමින් පවතින අයුරුද දැක ගත හැකිය. Real  ECN∕ STP Forex Broker යන්න  බෝඩ් ලෑල්ලට පමණක් සීමා නොවිය යුතුය. "වැඩිපුරම ආරක්ෂා විය යුත්තේ මුහුණට මුහුණ එන සතුරාගෙන් නොව මිතුරු වෙසින් එන සතුරාගෙන්ය."  කියන්නාක් මෙන් ඔබ වැඩිපුරම ආරක්ෂා විය යුත්තේ Dealing Desk Broker ගෙන් නොව Real  ECN∕ STP Forex Broker නම් වූ සිංහ හම පොරවාගත් Dealing Desk Broker ආයතනයන්ගෙන්ය.

මෙවන් සිද්ධීන් අති විශාල සංඛ්‍යාවක් දක්නට ඇති අතර සමහර Dealing Desk Broker අන්තර් - බැංකු වෙළෙඳාම තුළින් සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ගොස් තවදුරටත් සේවය නොසපයන ආයතන බවට පත්ව ඇත. එවැනි අතහැර දැමූ ආයතන වල ලැයිස්තුවක්ද ඇත. මෙම ආයතන වසා දමා ඇත්තේ අන්තර් - බැංකු වෙළෙඳපළ තුළින් පාඩු ලැබූ නිසාය. එසේ පාඩු ලැබූයේ අන්තර් - බැංකු වෙළෙඳපළට සහභාගි වූ නිසාය. එලෙස සහභාගි වීමට සිදුවූයේ තම ගණුදෙනුකරුවන්ගේ Counter Party එක ලෙස ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගේ Stop Loss Hunt කිරීමට සහ Fakeouts නිර්මාණය කිරීමට ගොසින්ය. සරල පවසන්නේ නම් අනුන්ට වල කපන්නට ගොස් ඔවුන්ම එම වලේ වැටී ඇත. නමුත් එතුලින්ද අසාධාරණයට ලක්වූයේ එම ආයතනයේ ගණුදෙනුකරුවන් නොවේද ? ආයතනය වසා දැමූ නිසා ලාභ ලැබූ ගණුදෙනුකරුවන්ගේ පමණක් නොව අලාභ ලබන ගණුදෙනුකරුවන්ගේද ඉතිරිව තිබූ මුදලත් අහිමි උනා නොවේද ? 


මේ ලිපිය කියවන විට ඔබ ෆොරෙක්ස් පිළිබඳව අප්‍රසාදයක් ඇති වීමටත් ඉඩ ඇත. ෆොරෙක්ස් තුළ මෙවෙනි ආකාරයේ දූෂණ වංචා සිදුවනවාදැයි ඔබට සිතෙන්නට ඇත. ඔබට එලෙස සිතෙන්නේ Dealing Desk Broker පිටිපස සැගවී තිබෙන මෙම සත්‍ය ඔබ නොදැන සිටි නිසාය. ඔබ නොදැන සිටියේ එය ඔබෙන් වසන් කළ නිසාය. ඔබේ නගරයේ ඇති වෙළෙඳපළක් ගැන සිතා බලන්න. එය තුළ කෙතරම් නීති විරෝධී ක්‍රියා, වංචා සහගත ක්‍රියා සිදු වනවාද, ඔබ බස් රථයක ගමන් කරන විටද ඔබේ මුදල් පසුම්බිය සොරකම් කරනවානම්, දිනකට ඩොලර් ට්‍රිලියන 5 කට අධික මුදලක් ගැවසෙන ලෝකයේ විශාලම වෙළෙඳපළ සිල්වත් සුපින්වතුන් ගැවසෙන සුපිරිසිදු පුණ්‍ය භූමියක් වන්නේද ???


එසේ නම් ඔබට ඇති විසඳුම ෆොරෙක්ස් වලින් ඈත්වීමද ? බස් රථයක ගමන් කරන විටද ඔබේ මුදල් පසුම්බිය සොරකම් කරනවා කියා ඔබ ගමන් බිමන් යෑමෙන් වැළැකී සිටින්නේද ? නැත ඔබ ගමන් කළ යුතුය. සාමාන්‍ය පුද්ගලයකුට ලොව ඇති ඕනෑම දෙයක් ලබා ගැනීමට ඇති එකම ෆොරෙක්ස් වෙළෙඳාමයි. ලෝකයේ ලොකුම වෙළෙඳපළ තුළ ඔබට සාර්ථක විය හැකිනම් ඊටත් වඩා සාර්ථකත්වයක් කොහෙන් නම් අත්පත් කර ගන්නද?  සාර්ථක වූ පුද්ගලයින් සිටී ඔවුන් සාර්ථක වූයේ වංචාකරුවන්ගේ උපක්‍රම වලින් මිදී නිවැරදි මාර්ගය තෝරා ගත් නිසාය.


ලෝකයේ දියුණුම රට ඇමරිකාවයි. ආර්ථිකයෙන් පමණක් නොව අනෙකුත් සෑම අතින්ම ඉදිරියෙන් සිටින ඇමරිකාව දියුණු නීති පද්ධතියකට හිමිකම් කියන අතර එතුළින් එරට ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ඇත. බොහෝ Forex Broker ආයතන වලට ඇමරිකාව තුළ ව්‍යාපාර කිරීමට සහ ඇමරිකානු ගණුදෙනුකරුවන් ඔවුන්ගේ ගණුදෙනුකරුවන් කර ගැනීමට ඉඩක් නොමැත. එයට හේතුව Dealing Desk Broker ට අවශ්‍ය ආකාරයට ගණුදෙනුකරුවන්ට වංචා කිරීමට ඇති ඉඩකඩ අහුරා ඇති නිසාය.
මෑතකදී ඒ ආකාරයට තහනම් කරන ලද ආයතනයක් ලෙසට දිය හැකි උදාහරණයකි FXCM ආයතනය. ඔවුන් ඇමරිකාව තුළ තහනම් වීමට හේතුව කුමක්ද ? හේතුව තම ගණුදෙනුකරුවන් අලාභ ලැබීමට සැලැස්වීම සඳහා ගණුදෙනුකරුවන්ට විරුද්ධ දිශාවට Trade කිරීමයි.

Segregated Accounts වල වාසි විශාල ප්‍රමාණයක් පවතින අතර Real  ECN∕ STP Forex Broker මෙම ගිණුම් සම්පූර්ණයෙන්ම පරිගණක පද්ධති ගතකර ඇති බැවින් මුදල් ආපසු ගැනීම (Withdraw) සිදුකිරීමේදී එය ස්ව්‍යංක්‍රීයව සිදු කෙරෙන ස්ව්‍යංක්‍රීය මුදල් ආපසු ගැනීමේ පද්ධති ( Automated Withdrawal System ) තම ගණුදෙනුකරුවන්ට හදුන්වාදී තිබේ.

 
Automated Withdrawal System  පද්ධතියක් මගින් මුදල් Withdraw කිරීමේදී ඉතා අඩු කාලයකදී මුදල් ආපසු ලබා ගත හැකිය. එයට හේතුව එමගින් Withdraw කිරීමේදී එම කටයුතු සඳහා කිසිදු  පුද්ගල සහභාගිත්වයක් සිදු  නොවන අතර පරිගණක පද්ධති ඔස්සේ ස්ව්‍යංක්‍රීයවම සියලු කටයුතු සිදු වීමයි. 


Dealing Desk Broker ආයතන Segregated Accounts ලබා නොදෙන බැවින් සියලුම ගණුදෙනුකරුවන්ගේ මුදල් පවතින්නේ Dealing Desk Broker ආයතනයේ ගිණුම තුළ බැවින් මුදල් වල ආරක්ෂාකාරී බව සම්බන්ධයෙන්  ගැටලු රාශියක් පැන නගින අතර පරිගණක පද්ධතිගත කිරීමක් සිදු නොවන බැවින් එම ආයතන තම ගණුදෙනුකරුවන්ට ලබා දෙන්නේ  පුද්ගල අධීක්ෂණය යටතේ මුදල් ආපසු ලබා ගැනීමේ පද්ධතියක් (Manual Withdrawal System ) ය. එමගින් මුදල් Withdraw කිරීමේදී මුදල් ඔබ වෙත ලබා ගැනීමට වැඩි කාලයක් ගතවේ. 


Manual Withdrawal System සහ Automated Withdrawal System  අතර වෙනස සරලව වටහා ගැනීමට සාමාන්‍ය ජීවිතයේදී ඒ හා සමාන වන උදාහරණයක් දීම අපහසු වුවත් ඒ හා අනුරූප වන උදාහරණයක් ලෙස ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් ආපසු ගැනීමේ ක්‍රියාවලිය ආදේශ කරගත හැකිය.


ඔබගේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමකින් මුදල් ආපසු ගැනීමේ ක්‍රම සළකා බැලූ විට එක් ක්‍රමයක් වන්නේ අදාල බැංකුව වෙත ගොස් මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවක විස්තර සම්පූර්ණ කර බැංකු කවුන්ටරයේ ඇති පෝලිමේ කාලය මිඩංගු කර අවසානයේ එය බැංකු කවුන්ටරයේ සිටින නිලධාරියා වෙත ලබාදී ඔහු එය පරීක්ෂා කර ඔබට මුදල් ලබාදීමය. තවත් ක්‍රමයක් වන්නේ ඔබගේ බැංකු ගිණුමට ලබාදෙන බැංකු කාඩ්පත ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය (Automated Teller Machine) ATM  තුළට ඇතුළත් කර අවශ්‍ය මුදල ලබා ගැනීමය. මෙම ක්‍රම දෙක අතරේ ඇති වෙනස ඔබ හඳුනනවානම් ඉහත කී Manual Withdrawal System සහ Automated Withdrawal System  අතර වෙනස පිළිබඳව දළ අදහසක් ලබාගත හැකිවනු ඇත.


Manual Withdrawal System මගින් E-Wallet තුළට මුදල් ආපසු ගැනීමට අඩුම තරමින් දින දෙකක්වත් ගතවේ. නමුත් Automated Withdrawal System  මගින් E-Wallet වෙත ඕනෑම මුදලක් ආපසු ගැනීමට වැය වන වැඩිම කාලය පැය 24 කි. වැය වන පැය ප්‍රමාණය ඔබ භාවිතා කරන E-Wallet වර්ගය මත සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත.

ඉහත තොරතුරු අඩංගුවන ලින්ක් පහතින් දක්වා ඇත. ඒවාට පිවිස කියවා බලන්න. මෙලෙස ඇමරිකාව තුළ තහනම් වීමෙන් පසුව එම ආයතනය වර්තමානයේදී ආසියාව දෙසට අවධානය යොමු කර ඇති බවත් දැනගන්නට ලැබී ඇත.


http://www.marketwatch.com/story/fxcm-banned-by-cftc-after-taking-positions-against-clients-2017-02-06
http://www.forexscamalerts.com/fxcm-permanently-banned-usa-fined-7-million


මේ නිසා dealing desk එකක් නොමැති Real  ECN∕ STP Forex Broker ආයතනයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් එම ආයතනයේ තොරතුරු සොයා බලා විශේෂයෙන්ම එම ආයතනය ඇමරිකානු ගණුදෙනුකරුවන්ට සේවය සපයන්නේදැයි විමසන්න. ඇමරිකාවට සේවය සපයන ආයතනයක් නොවන්නේ නම් එය Real  ECN∕ STP Forex Broker ආයතනයක් නොවන බව කරුණාවෙන් සළකන්න. එවැනි ආයතන වලින් ඈත්වී සිටීම ඔබට හිතකර වනු ඇත.

Real  ECN∕ STP Forex Broker ආයතනයක් තෝරා ගැනීමේදී  ඔබට එම ආයතනය විසින් Swap-Free ගිණුම් එනම් Swap අගයන් වලින් තොර ගිණුමක් ලබා ගැනීමට හැකියාව ඇතිදැයි විමසා බලන්න.
පොළී අනුපාත මත Swap අගය එකතු වීමට හෝ අඩු වීමට ඉඩ ඇත. Swap-Free ගිණුමක වාසිය වනුයේ ඔබ ඔබගේ ගණුදෙනුව කෙතරම් කාලයක් විවෘතව තබාගෙන සිටියද ගණුදෙනුවේ අවසන් ප්‍රථිඵලයට Swap අගයෙන් කිසිදු බලපෑමක් සිදු නොවීමයි. ඉහල ධාරිතාවක් ඇති ගණුදෙනු සඳහා Swap අගයෙන් සිදුවන බලපෑම අවම වුවත් කුඩා ගණුදෙනු සඳහා එමගින් සැලකියයුතු බලපෑමක් ඇති කෙරේ.

Real  ECN∕ STP Forex Broker ආයතන හැරුණුවිට පවතින අනෙකුත් Forex Broker ආයතන  වන Market Maker Forex Broker සහ ව්‍යාජ ECN∕ STP Forex Broker  ආයතන යන මේ සියල්ලම Dealing Desk Broker ආයතන වන අතර ඔවුන් සෑම විටම  තම ගණුදෙනුකරුවන්ට ස්ථාවර තැරැව්කරණ ගාස්තු ( Fixed Spreads ) ඉදිරිපත් කරන අතර තම ගණුදෙනුකරුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය ( Counter Party ) ලෙස ක්‍රියා කරන අතර තම ගණුදෙනුකරුවන්ට අන්තර් බැංකු වෙළෙඳපළ ( Inter Bank Market )වෙත ඍජු ප්‍රවේශය ලබා නොදේ. තම ගණුදෙනුකරුගේ ගණුදෙනු ( Orders ) වල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ( Counter Party ) ලෙස ක්‍රියා කරන බැවින් ගණුදෙනුකරුගෙන් අයකරන තැරැව්කරණ ගාස්තුවට අමතරව  ගණුදෙනුකරුගේ අලාභයන්ද Dealing Desk Broker ගේ ලාභයක් බවට පත්වේ.  


Dealing Desk Broker තම ගණුදෙනුකරුගේ Orders සඳහා Counter Party එක ලෙස ක්‍රියාත්මක වීම යන කාරණය ගණුදෙනු කරුවන්ට ඉතාම අහිතකර තත්වයක් වන්නේ Dealing Desk Broker ආයතන තම ගණුදෙනුකරුවන් ඉතා සූක්ෂම ආකාරයට වංචා වලට හසුකර ගැනීමය. Counter Party එක ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් අලාභ ලබන ගණුදෙනුකරුවන්ගේ මුදල් ඔවුන්ගේ ලාභය වන අතර ලාභ ලබන ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ ලාභය ගෙවනු ලබන්නේද Dealing Desk Broker විසින්මය. මේ නිසා ලාභ ලබන ගණුදෙනුකරුවන්ගේ ලාභය Dealing Desk Broker ට අලාභයකි.


මේ හේතුවෙන් Dealing Desk Broker ආයතන තම ගණුදෙනුකරුවන් පිළිබඳව සූක්ෂම අධ්‍යයනයක නිරත වන අතර ඔවුන් තම ගණුදෙනුකරුවන් අලාභ ලබන ගණුදෙනුකරුවන් සහ ලාභ ලබන ගණුදෙනුකරුවන් ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කරනු ලැබේ. අලුතින් පැමිණෙන ඕනෑම ගණුදෙනුකරුවෙකු අලාභ ලබන ගණුදෙනුකරුවකු ලෙස සැලකෙන අතර එම ගණුදෙනුකරු කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කර ඔහු∕ඇය අඛණ්ඩව ලාභ ලබන බව නිරීක්ෂණය කළහොත් පමණක් ලාභ ලබන ගණුදෙනුකරුවන් කාණ්ඩයට ඇතුළත් කරයි.


අලාභ ලබන ගණුදෙනුකරුවන්ගේ සියලුම Orders සඳහා Counter Party එක ලෙස Dealing Desk Broker ක්‍රියාකර එතුළින් ලාභ ලබා ගනී. ලාභ ලබන ගණුදෙනුකරුවන්ගේ සියලුම Orders සඳහා Counter Party එක ලෙස ක්‍රියා කිරීම අවාසිදායක බැවින් ඔවුන්ගේ ගණුදෙනු පමණක් ඍජුවම අන්තර්-බැංකු ද්‍රවශීල සපයන්නන් (Inter-Bank Liquidity Providers ) වෙත යොමුකර තැරැව්කරණ ගාස්තුවෙන් ( Spread ) ලාභ ලබා ගැනීම සිදුකරයි. 
නමුත් දැන් උදාවී ඇති තත්වය ඊටත් වඩා භයානකය. තම ලාභය වැඩි කර ගැනීමේ අරමුණින් Dealing Desk Broker ආයතන තම ගණුදෙනුකරුවන් සියලු දෙනාව පාහේ අලාභ ලබන තත්වයට පත් කිරීමට ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටින බවක් දක්නට ලැබේ. මෙලෙස ගණුදෙනුකරුවන්ගේ මුදල් මංකොල්ලකෑම සඳහා ඔවුන් භාවිතා කරන උපක්‍රම පිළිබඳව සිදුකෙරෙන හෙළිදරවුවයි මේ.


 No Dealing Desk Broker තම ගණුදෙනුකරුවන්ගේ ගණුදෙනු ( Orders ) සම්පූර්ණයෙන්ම පරිගණකගත පද්ධති යොදාගෙන  Straight Through Processing ( STP Mode ) හෝ Electronic Communication Network  ( ECN Mode ) මගින් ඍජුවම අන්තර්-බැංකු ද්‍රවශීල සපයන්නන් (Inter-Bank Liquidity Providers ) වෙත යොමුකරනු ලබන බව මීට ඉහතදී සඳහන් කර ඇත. නමුත් Dealing Desk Broker එලෙස සිදු නොකරන අතර එම ආයතන සතුව Forex Trading පිළිබඳව අත්දැකීම් බහුල අති දක්ෂයින්ගෙන් සමන්විත  කණ්ඩායමක් සිටී එම කණ්ඩායම Dealing Desk එක ලෙස හදුන්වනු ලැබේ.

විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම සඳහා යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය සුවිශේෂී වන්නේ ඇයි ?


තාක්ෂණයේ දියුණුවත් සමඟ අන්තර්ජාල පහසුකම ලොව පුරා ව්‍යාප්ත වීම, පරිගණක සාක්ෂරතාව ඉහළ යාම, නවීන මෘදුකාංග  සහ  අන්තර්ජාල බැංකු සේවා මෙන්ම අන්තර්ජාතික  මුදල් හුවමාරු සේවා  හදුන්වාදීම වැනි කරුණු පදනම් කොටගෙන ලොව පුරා වෙසෙන සාමාන්‍ය ජනතාවටද විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ (Forex Market) ට සම්බන්ධවීමේ මහඟු අවස්ථාව උදාවී තිබේ. වර්තමානයේදී ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ සාමාන්‍ය ජනතාව අන්තර්ජාතික විදේශ විනිමය හුවමාරු වෙළෙඳපළ තුළ විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම ( Forex Trading ) සිදුකිරීම මගින් නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ අමතර ආදායමක් උපයා ගැනීම සිදුකරමින් සිටින අතර දිනපතා ලෝකයේ විවිධ රට වලින් දහස් ගණනින් සාමාන්‍ය ජනතාව තම දිවියේ  ප්‍රථමවතාවට Forex Trading ආරම්භ කිරීම සඳහා  Forex Market සමඟ සම්බන්ධ වේ.


සාමාන්‍ය පුද්ගලයකු Forex Market සමඟ සම්බන්ධ වීමේ ක්‍රියාවලිය සැළකූවිට, එහි සුවිශේෂීම අංගය වනුයේ  විදේශ විනිමය හුවමාරු තැරැව්කරණ ( Forex Broker ) ආයතනයයි. Forex Market සමඟ සම්බන්ධ වී Forex Trading සිදු කිරීම සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන අතර ඒ සඳහා ගාස්තු වර්ග විශාල ප්‍රමාණයක් වැය වීමත් යන කරුණු හේතුවෙන් අතීතයේදී Forex Trading සිදු කිරීම බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන වලට පමණක් සීමා වූ අතර පුද්ගලයකු වශයෙන් Forex Trading සිදු කිරීමට අවස්ථාව උදාවූයේ අධික වත්කම් ඇති ධනවතුන්ට පමණි. නමුත්  Forex Trading ක්ෂේත්‍රය   තුළ Forex Broker ආයතන බිහිවීමත් සමඟ එම ආයතන තමන්ගේ ප්‍රාග්ධනය යොදාගෙන තම ගණුදෙනුකරුවන්ට ලීවරණය(Leverage) සැපයීම හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයින්ටද දැරිය හැකි මුදලකින් Forex Market සමඟ සම්බන්ධ වී Forex Trading තුළින් මුදල් ඉපයීමට ඉඩ කඩ විවර විය. සාමාන්‍ය පුද්ගලයකු (Retail Trader ) හට ලෝකයේ විශාලතම මූල්‍ය වෙළෙඳපළ වන Forex Market වෙත ප්‍රවේශ වීමට ඇති එකම, සරලම සහ පහසුම මාර්ගය Forex Broker ආයතනයක් සමඟ සම්බන්ධ වීම පමණි. යම්කිසි හෙයකින් Forex Broker ආයතන නොතිබුණි නම් Retail Trader කෙනෙකුට  Forex Trading කිරීම සිහිනයක්ම පමණක් වනු ඇත. එනිසා Forex Broker ආයතනයක් සපයන සේවය සුළුපටු නොවේ.


දැනට Uniglobe Markets ආයතනයද ඇතුළුව ආසන්න වශයෙන් Forex Broker ආයතන 1,231 ක් පමණ පවතින අතර  Forex Broker ආයතන ප්‍රධාන වශයෙන් Dealing Desk Broker සහ No Dealing Desk Broker ලෙස කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකිය.


No Dealing Desk Broker  විසින් තම ගණුදෙනුකරුවන්ට අන්තර් බැංකු වෙළෙඳපොළ තුළ බැංකු මගින් පිරිනමන මිලගණන් සජීවීව ඉදිරිපත් කරමින් ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන අතර සජීවී තැරැව්කරණ ගාස්තු ( Live Spreads )  ඉදිරිපත් කරයි. කිසිවිටෙකත් තම ගණුදෙනුකරුට ප්‍රතිවිරුද්ධ ගණුදෙනු සිදු නොකරන අතර ගණුදෙනුකරුවන්ගේ ගණුදෙනු ( Orders ) සම්පූර්ණයෙන්ම පරිගණකගත පද්ධති යොදාගෙන  Straight Through Processing ( STP Mode ) හෝ Electronic Communication Network  ( ECN Mode ) මගින් ඍජුවම අන්තර්-බැංකු ද්‍රවශීල සපයන්නන් (inter-bank Liquidity Providers ) වෙත යොමුකරනු ලැබේ.  ගණුදෙනුකරුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය ( Counter Party ) ලෙස ක්‍රියා නොකරන බැවින් මෙම ආයතන වල ලාභය වනුයේ ගණුදෙනුකරුගෙන් අය කරගන්නා තැරැව්කරණ ගාස්තුව පමණි. මේ නිසා  No Dealing Desk Broker  ආයතන වලට ගණුදෙනුකරුවන්ගේ ගණුදෙනු වල විශාලත්වය සහ ගණුදෙනු ප්‍රමාණය වැඩි වන විට පමණක් වැඩි ආදායමක් ලැබේ. 

No Dealing Desk Broker  ගණයට අයත් වන්නේ සැබෑ ECN∕ STP Forex Broker ආයතන පමණි. Forex Trading තුළින් ලාභ ලැබීමට අවශ්‍ය නම් තොරාගත ගත යුත්තේ මෙවන් ආයතනයකි. එයට හේතුව මෙම ලිපිය තුළින් මනාව විස්තර කර ඇති අතර මෙහි අන්තර්ගත වන කරුණු බොහෝමයක් Forex Broker ආයතන විසින් ඔබෙන් වසන් කිරීමට උත්සාහ කළද Real  ECN∕ STP Forex Broker ආයතනයක් ලෙස නොබියව ඉදිරියට පැමිණ සිදු කරන මෙම හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම කියවා මනාව අවබෝධ කර ගන්න.

Off Quotes - මිලගණන්  ඉදිරිපත් නොකිරීම


ඔබ මීට පෙර Dealing Desk Broker ආයතන සමඟ ගණුදෙනු කර ඇත්නම් Off Quotes වීම හෙවත් මිලගණන්  ඉදිරිපත් නොකිරීම හොඳින්ම අත්දැක ඇතිවාට කිසිදු සැකයක් නැත.  මීට පෙර අවස්ථා කීපයකදීම සඳහන් කළ ආකාරයට Dealing Desk Broker සතුව ඇති Dealing Desk එකෙහි සිටින Forex Trading පිළිබඳව අත්දැකීම් ඇති පිරිස විසින් යම්කිසි ගණුදෙනුකරුවෙකු ලාභ ලැබීමේ වැඩි අවස්ථාවක් ඇති Order එකක් දමනු නිරීක්ෂණය කළ විට Off Quotes මගින් එම Order එක දැමීම වැළැක්වීමට කටයුතු කරයි.
වෙළෙඳපළ තුළ ලාභ ලැබිය හැකි චලනයන් සිදුවන විට Off Quotes මගින් Order දැමීම පමා කර එම චලනයන් අවසන් වන විට නැවතත් Order දැමීමට හැකිවන පරිදි ගණුදෙනුකරුගේ Order පාලනය කිරීම නිසා ලාභ ලැබීමට තිබූ අවස්ථාවක් අහිමි කරවයි. එසේම විවෘතව ඇති ගණුදෙනුවක් අවසන් කිරීමේදී ( Trade Close ) ද Off Quotes වීම සිදුවේ එමගින් දැනටමත් ලාභ ලබා ඇති Order එකක ලාභය අඩු වීමට හෝ ලාභය සම්පූර්ණයෙන් අහිමි වීමට පමණක් නොව ලාභ ලබාගෙන ඇති Order එක අලාභ ලබන තත්වයට වුවද පරිවර්තනය වීමට වැඩි ඉඩකඩක් පවතී.

Trade Restrictions - සීමාකරණය 


Trade Restrictions යනු Off Quotes ට සමාන එහෙත් එයට වඩා හානිදායක තත්වයකි. සාමාන්‍යයෙන් වෙළෙඳපළ තුළ සීඝ්‍රයෙන් චලනය වන Economic News Events පවතින අවස්ථාවන්හීදී අලුතින් Order දැමීමට හෝ තිබෙන Order කිසි ලෙසකින් Close කිරීමට නොහැකි වන පරිදි සීමාකිරීම සිදු කරයි. Economic News Events යනු නිතරම දක්නට නොමැති සුවිශේෂී චලනයන් ඇති කරවන දුර්ලභ අවස්ථාවන් වන අතර එවන් මහගු අවස්ථා වලදී Trading Platform Plugins යොදාගෙන සිදුකරන මෙම අවහිර කිරීම් නිසා ඔබට  Dealing Desk Broker ආයතනක් තුළින් වෙළෙඳාම කිසිදිනෙක වාසිදායක නොවන බව නොඅනුමානය.


Real  ECN∕ STP Forex Broker ආයතන සියලුම ගණුදෙනු පරිගණක පද්ධති ගත කර ඇති බැවින් ගණුදෙනුකරු ලාභදායී Orders දමන්නට යනවාද අලාභදායක Orders දමන්නට යනවාද යන්න නිරීක්ෂණය කර Off Quotes ලබා දීමට  හෝ Economic News Events ඇත්දැයි බැලීමට සහ එවැනි අවස්ථාවන් වලදී Trade Restrictions කිරීමට කිසිවෙකුත් එවැනි ආයතන තුළ නැත. කුමන අවස්ථාවක කුමන Orders එක දැමූවත් ඒවා ස්ව්‍යංක්‍රීයවම විදුලි සැර වේගයෙන් (Lightning Fast)  ඍජුවම අන්තර්-බැංකු ද්‍රවශීල සපයන්නන් (Inter-Bank Liquidity Providers ) වෙත යොමුකෙරේ. ඔබටත් ඔබගේ Order විදුලි සැර වේගයෙන් (Lightning Fast) අන්තර් බැංකු වෙළෙඳපළ ( Inter Bank Market ) වෙත යොමු කරවා ගැනීමට අවශ්‍ය නම් Real  ECN∕ STP Forex Broker ආයතනයක් සමගින් එක්වන්න. මක්නිසාදයත් ඔබගේ Orders සඳහා විදුලි සැර වේගයෙන් ඉටුකිරීම (Lightning Fast Execution) ලබා දිය හැක්කේ Real  ECN∕ STP Forex Broker ආයතනයකට පමණක් වීම නිසාය.

Trading Account Cancellation - වෙළෙඳ ගිණුම් අවලංගු කිරීම


Dealing Desk Broker සැලකූ විට ලාභ ලබන ගණුදෙනුකරුවන්ගේ ලාභය එම ආයතනයට අලාභයක් බව මීට ඉහතදී පැහැදිලි සඳහන් කර ඇත. එමෙන්ම තම ගණුදෙනුකරුවන්ට විරුද්ධව අන්තර් බැංකු වෙළෙඳපළ තුළ Trade කිරීම සිදු කරන බවත් සඳහන් කර ඇත. ඒ ආකාරයට අන්තර් බැංකු වෙළෙඳපළ තුළ සිදුකරන ගණුදෙනු තුළින්  Dealing Desk Broker අලාභ ලබන අවස්ථා ද ඇත. (අන්තර් - බැංකු වෙළෙඳපළ හෝ කුමන හෝ වෙළෙඳපළක් තුළ හෝ Trade කිරීම යනු අවදානමක් ඇති ක්‍රියාවක් බවත් ඕනෑම මොහොතකදී ඕනෑම ආකාරයක අලාභක් හෝ ලාභයක් ලැබීමට ඉඩ ඇති බවත් හොඳින්ම මතකයේ තබා ගන්න)


Dealing Desk Broker අලාභ ලබනවා යනු මුදල් තැම්පත්කළ ගණුදෙනුකරුවන්ගේ මුදල්ද අනතුරට පත් වීමකි. මක්නිසාදයත් Dealing Desk Broker විසින් Segregated Accounts ලබා නොදෙන බැවින් ගණුදෙනුකරුවන්ගේ මුදල් පවතින්නේද එම ආයතනයේ ගිණුම තුළ නිසා ආයතනයේ ප්‍රාග්ධනය තුළ එම මුදල්ද අන්තර්ගත වන බැවිනි. මෙවන් දේ සිදුවූ විට ගැටලුව මතු වන්නේ මුදල් Withdraw කිරීමට යාමේදීය. එයට හේතුව Dealing Desk Broker ගණුදෙනුකරුගේ Counter Party එක නිසා Withdraw කිරීම් වලදී මුදල් ගෙවීමට සිදුවන්නේද එම ආයතනයටම වීම නිසාය. ආයතනය පාඩු ලබා ඇතිනම් Withdraw කරන මුදල් ගෙවීමට නොහැකි නිසා ගණුදෙනුකරුගේ වෙළෙඳ ගිණුම අවලංගු කිරීම කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොමැත. මේ නිසා යම්කිසි ගණුදෙනුකරුවෙක් Withdraw කිරීමක් සිදු නොකරන තෙක් පාඩු පිට හෝ ඔවුනට ව්‍යාපාරය කරගෙන යා හැකිය. 


වෙළෙඳ ගිණුම් අවලංගු කිරීම, තැම්පත්කළ මුදලට වඩා Withdraw කිරීමට යාමේදී වෙළෙඳ ගිණුම් අවලංගු කිරීම වැනි සිද්ධි සම්බන්ධයෙන් ගණුදෙනුකරුවන් සිදුකල පැමිණිලි අති විශාල ප්‍රමාණයක් ෆොරෙක්ස් සාම හමුදාව (Forex Peace Army) වෙබ් අඩවිය තුළ දක්නට ලැබේ. http://www.forexpeacearmy.com/ වෙත පිවිසීමෙන් ඒවා දැකබලා ගත හැකිය.

ගණුදෙනුකරුවන්ට විරුද්ධව Trade කරන්නේ Dealing Desk Broker බව ඉහතදී සඳහන් කළා ඔබට මතක ඇති. බොහෝ දෙනෙකු සිතා සිටියේ FXCM යනු Dealing Desk එකක් නොමැති No Dealing Desk Broker ආයතනයක් බවටය. එම සමාගම තම වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදු කළේ එලෙසින්ය. නමුත් Trade කිරීමේදී Dealing Desk Broker සතු ගතිගුණ මතුවිය. ඇමරිකාව තුළ Dealing Desk Broker ආයතන වලට ඉඩක් නොමැත.

අලාභ ලබන තෙක් ගණුදෙනුකරුවා නීති රීති අකුරටම පිළිපදින ඉතා හොඳ Trader කෙනෙකි. ලාභ ලැබීමට පටන් ගත් දිනයේ සිට ඔහු නීති රීති උල්ලංඝනය කරන Trader කෙනෙකි. අලාභය ලබන තෙක් නීති රීති කිසිවක් සළකා බලනු නොලැබේ. ලාභ ලබන දිනයේ සිට නීති රීති අකුරටම ක්‍රියාත්මක කෙරේ. ඒවාට කියන්නේ XM Logic කියාය. (පහතින් දක්වා ඇති සිද්ධිය බලන්න)


ඔහු කළ  Deposit එක නීති විරෝධී නම් Deposit කළ මොහොතේ ඔහුගේ ගිණුම අවලංගු නොකළේ ඇයි ? ඔහුට Trade කරන්නට ඉඩ දුන්නේ අලාභ ලබනු ඇතැයි සිතාය.


අලාභ ලැබුවානම් ඒ සල්ලිත් ඉතින් Dealing Desk Broker ට නේ... හේතුව Counter Party එක වීමනේ....  අනික  Deposit එක නීති විරෝධී නම් මොකක් උනත් මොකද ඒකත් වැටෙන්නේ Dealing Desk Broker ගේ ගිණුමටමනේ...  ප්‍රාග්ධනය වැඩි වෙනවනේ....  Segregated Accounts නෑනේ ..... දැන් ඉතිං ලාභ ලැබුවානේ ..... දැන් නීති රීති මතක් වෙනවානේ ... හදිස්සියට දෙන්නෙකුට නීතිත් පැටලුනානේ.... 



ආයතනයේම එක් නිලධාරියෙක්ට අනුව මුදල් ගෙවනු ලැබේ. තවත් නිලධාරියෙක්ට අනුව කිසිදු මුදලක් ගෙවනු ලැබේ.....

Dealing Desk එක සතියේ දින 5 ම දවසේ පැය 24 ම තම ගණුදෙනුකරුවන්ගේ ගණුදෙනු සඳහා Market Maker ලෙස කටයුතු කරන අතර  එහිදී ඔවුන් ඉතාම කූට උපක්‍රම සහ Trading platform සඳහා trading platform plugins යොදාගෙන ගනුදෙනුකරුවන්ගේ ගණුදෙනු හැසිරවීමට සහ පාලනය කිරීමට trade manipulation කටයුතු කර ගණුදෙනුකරුවන් අලාභ ලබන තත්වයට පත්කර තම ලාභය වැඩි කර ගනී. 
 Manipulation ක්‍රියාවලියේ විවිධ අවස්ථා පහතින් දක්වා ඇති අතර ඒවායේ සවිස්තර විස්තරයක්ද ඉදිරිපත් කර ඇත.


01 Requoting Of Prices - ප්‍රතිමිලකරණය 
02 Off Quotes - මිලගණන්  ඉදිරිපත් නොකිරීම
03 Trade Restrictions - සීමාකරණය 
04 Stop Loss Hunting - අලාභ නැවතුම් දඩයම 
05 Trading Account Cancellation - වෙළෙඳ ගිණුම් අවලංගු කිරීම


දැන් අප මෙම එක එකක් කූට සිදුකරන ආකාරය සහ එමගින් සිදු වන හානිදායක තත්තවයන් පැහැදිලි කර ගනිමු.


Requoting Of Prices - ප්‍රතිමිලකරණය


Requoting Of Prices නොහොත් ප්‍රතිමිලකරණයේදී සිදු වන්නේ ගණුදෙනුකරු යම්කිසි අවස්ථාවදී යම්කිසි අගයකට Order එකක් දැමුවද එම Order එක දැමීමට අදහස් කළ අගයට හාත්පසින්ම වෙනස් අගයකට ගණුදෙනුව විවෘත වීමට සැලැස්වීමයි. බොහෝවිට වෙළෙඳපළ ඉතා හොදින් චලනය වෙමින් පවතින අවස්ථාවන්හීදී හොඳ ලාභයක් ලැබීමට ඇති ඉඩකඩ අහිමි කිරීමට මෙය සිදු කරන අතර Dealing Desk නියෝජනය කරන අත්දැකීම් බහුල පුද්ගලයින්ට මෙම අවස්ථා හොදින් හදුනාගෙන අවශ්‍ය පරිදි Requote කිරීමේ හැකියාව පවතී. මේ සඳහා ඔවුන්  රහසිගතව Trading platform plugins භාවිතා කරයි. එසේම විවෘතව ඇති ගණුදෙනුවක් අවසන් කිරීමේදී ( Trade Close ) ද Requote වීම සිදුවේ. මෙලෙස Requoting Of Prices සිදු කිරීමට ඇති එකම හේතුව Dealing Desk Broker තම ගණුදෙනුකරුගේ Orders සඳහා Counter Party එක ලෙස ක්‍රියාත්මක වීම නිසා ගණුදෙනුකරු ලාභ ලැබූ විට එය ගෙවීමට සිදුවන්නේ Dealing Desk Broker ට බැවින් එය එම ආයතනයට අලාභයක් නිසා නොවන්නේද ?


Real  ECN∕ STP Forex Broker ආයතන තම ගණුදෙනුකරුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය ( Counter Party ) ලෙස ක්‍රියා නොකරන බැවින් මෙම ආයතන වල ලාභය වනුයේ ගණුදෙනුකරුගෙන් අය කරගන්නා තැරැව්කරණ ගාස්තුව පමණක් වන නිසා ගණුදෙනුකරු ලාභ ලබන්නේද අලාභ ලබන්නේද යනවග එම ආයතන වලට වැදගත් නැත එම නිසා Trade Manipulation කිරීම සිදු නොකෙරෙන අතර Dealing Desk එකක් සහ එයට අවශ්‍ය අත්දැකීම් ඇති පුද්ගලයින්ද එම ආයතන වල දක්නට නැත. සියලුම ගණුදෙනු සම්පූර්ණයෙන්ම පරිගණකගත පද්ධති ගතකර ඇති බැවින් යොදාගෙන  Straight Through Processing ( STP Mode ) හෝ Electronic Communication Network  ( ECN mode ) මගින් ඍජුවම අන්තර්-බැංකු ද්‍රවශීල සපයන්නන් (Inter-Bank Liquidity Providers ) වෙත Requote  වීමකින් තොරව ඉතා ඉක්මනින් යොමුකරනු ලැබේ.

මේ නිසා Forex Broker ආයතනයක් තෝරා ගැනීමේදී FAST  EXECUTION  සහ  NO RE - QUOTES යන කරුණු සම්බන්ධයෙන් අතිශය අවධානයක් යොමු කරන්න. මක්නිසාදයත් එය ඔබ Forex Trading තුළින් ලාභ ලබනවාද නැද්ද යන්න තීරණය කිරීමට තරම් බලවත් සාධකයකි. FAST  EXECUTION  සහ  NO RE - QUOTES ලබා දිය හැක්කේ Real  ECN∕ STP Forex Broker ආයතන වලට පමණි.

මෙම ලිපියේ අඩංගු බොහෝ කරුණු බොහෝ දෙනෙකුට එතරම් හුරු පුරුදු නිතර අසන්නට ලැබෙන කරුණු නොවන බව සත්‍යකි. නමුත් මෙහි අඩංගු වන්නේ බොහෝ ආයතන ඔබෙන් වසන් කරන ඔබ දැන ගත යුතුම කරුණුය. මෙම කරුණු ඔබෙන් වසන් කිරීමට ඔවුනට ඇති එකම හේතුව නම් එමගින් ඔවුනට අවාසිදායක තත්වයක් උදා වේ යැයි පවතින බියයි. මෙම කරුණු හෙළි කිරීම නිසා ආයතනක් වශයෙන් යුනිග්ලෝබ්මාකට්ස් ආයතනයට වෙනත්  Dealing Desk Broker වලින්  එල්ල විය හැකි විවිධ මඩ ප්‍රහාර පිළිබඳව දැන සිටියත් සාමාන්‍ය පුද්ගලයකුට තවදුරත් Forex Market එක සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමේ අදහසින් සිදුකරන මෙම ක්‍රියාදාමය තුළදී එවන් ප්‍රහාර විඳ දරා ගැනීමේ ශක්තිය අප UNIGLOBE MARKETS  ආයතනය සතුය. Real  ECN∕ STP Forex Broker ආයතනයක කාර්යභාරය විය යුත්තේද එයමය.

විදේශ විනිමය හුවමාරු වෙළෙඳාම සඳහා යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය සුවිශේෂී වන්නේ ඇයි ?

Stop Loss Hunting - අලාභ නැවතුම් දඩයම


Stop Loss Hunting යනු Dealing Desk Broker ආයතන දිනපතාම තම ලාභය වැඩි කර ගැනීම සඳහා සිදු කෙරෙන ක්‍රියාවලියකි. තම ගණුදෙනුකරුවන්ගේ Orders අධීක්ෂණය කිරීමෙන් පසුව ඉතා සූක්ෂ්මව Trading Platform Plugins යොදා ගනිමින් මිල ගනන් පිළිබඳව වන දත්ත විකෘති කිරීම  Stop Loss Hunting කිරීමේ එක් ක්‍රමයකි. නමුත් වර්තමානයේදී Real  ECN∕ STP Forex Broker ආයතන පවතින බැවින් ගණුදෙනුකරුවෙකු එම මිල ගණන් Real  ECN∕ STP Forex Broker ආයතනයේ මිල ගණන් හා සන්සන්දනය කර බැලුවහොත් සිදුකර ඇති මිල ගනන් පිළිබඳව වන දත්ත විකෘති කිරීම  අනාවරණය වන බැවින් dealing desk broker ට තම ගණුදෙනුකරුවන් අහිමි වීම සිදුවේ. එපමණක් නොව ගණුදෙනුකරුවන් විසින් Forex Broker ආයතන නියාමනය සිදුකරන ආයතන වලට පැමිණිලි කළ විට ලියාපදිංචිය අත්හිටුවීම සිදු වීමටද ඉඩ ඇත. මේ ආකාරයට තහනමට ලක්වූ  Dealing Desk Broker ආයතන විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ .


මේ නිසා වර්තමානයේදී Stop Loss Hunting සිදුකිරීම සඳහා ඔවුන් තම ගණුදෙනුකරුවන්ගේ Orders වලට ප්‍රතිවිරුද්ධ දිශාවට විශාල වටිනාකමකින් යුතු ගණුදෙනු අන්තර් බැංකු වෙළෙඳපළ තුළ සිදුකර Forex Market එක චලනය කිරීම සිදු කරයි. ලොව විශාලතම මූල්‍ය වෙළෙඳපළ තුළ මිලගණන් චලනය කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන අතර ඔවුනට එම ප්‍රාග්ධනය ලැබෙනුයේද තම ගණුදෙනුකරුවන්ගෙන්මය. Dealing Desk Broker තම ගණුදෙනුකරුවන්ගේ Counter Party එක ලෙස ක්‍රියාත්මක වන බැවින් තැම්පත් ( Deposit ) කරන මුදල් සියල්ලම පවතින්නේ Dealing Desk Broker ගේ ගිණුම තුළය. එනිසා එම ආයතන සතුව විශාල ප්‍රාග්ධනයක් පවතින අතර එය යොදාගෙන ඔවුන් මෙම ක්‍රියාවලිය සිදුකරයි.


එහි තවත් භයානක පැතිකඩක් වනුයේ එම ප්‍රාග්ධනය යොදාගෙන Forex Market එක තුළ ව්‍යාජ චලනයන් ( False Breakouts ∕ Fakeouts ) නිර්මාණය කිරීම තුළින් ගණුදෙනුකරුවන්ව අලාභදායක ගණුදෙනු සඳහා පොළඹවාලීම තුළින් Dealing Desk Broker තම ලාභය දෙගුණ තෙගුණ කර ගැනීමයි. මේ අනුව බලන කල Dealing Desk Broker ආයතනයක ගිණුමක් ( trading account ) විවෘත කර මුදල් තැම්පත් ( Deposit ) කිරීමෙන් එම ආයතනයේ ප්‍රාග්ධනය ඉහළ නැංවීම, සියතින්ම ගෙල සිඳ ගැනීමක් වැනි ක්‍රියාවලියක් බව ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. 


Real  ECN∕ STP Forex Broker ආයතනයක Deposit කරන මුදල් තිබෙන්නේ කොහේද ??? එය නිතැතින්ම ඕනෑම කෙනෙකුට ඇතිවන ගැටලුවකි. ඇත්ත වශයෙන්ම Real  ECN∕ STP Forex Broker ආයතන තම ගණුදෙනුකරුවන්ට විරුද්ධව Trade නොකරන බැවින් ප්‍රාග්ධනය රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති නිසා නිකරුනේ ගණුදෙනුකරුවන්ගේ මුදල් තම සන්තකයේ තබාගෙන අනවශ්‍ය වගකීමක් තමා පිට පටවාගන්නේ නැත. ගණුදෙනුකරුවන් විසින් තැම්පත් කරන මුදල් ලෝකයේ ප්‍රමුඛ පෙළේ බැංකුවල එක් එක් ගණුදෙනුකරුට වෙන්කරන ලද ගිණුම් (Segregated Accounts) තුළ තැම්පත් කර සියල්ල පරිගණක ගත කර තබයි