FOREX 4

 

දැන් අපි බලමු පාරිභෝගික පරිහරණයන් මත එක් මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයක් සමඟ හුවමාරැ වෙන්නේ කොහොමද කියලා.අපි තුන්වෙනි උදාහරණයේ කතා කරපු දේ නැවත මතක් කරගන්න.එහිදි ඔයා අතේ තිබුන USD ( ඇමෙරිකානු ඩොලර්)10  ක මූදල ඔයාට LKR(ලංකා රුපියල්) බවට මාරැකර ගැනීම මඟින් සිඳුවූයේ USD නැමැති විදේශ මුදල් LKR සමඟ හුවමාරැ වීමකි.එනම් පහත උදාහරණය බලන්න.

USD හුවමාරැ vs වෙන්නේ LKR  සමඟ= USDLKR  වේ.


එනම් USDLKR යනු විදේශ මුදල් හුවමාරැ යුගලයක් වේ.මෙහි තේරැම වන්නේ USD එකක් LKR වලින් කීයක්ද යන්නයි.මෙහි තුනවන උදාහරණයේ අප USDLKR හි වෙළඳපොල මිල ලෙස සටහන් කරනු ලැබුවේ 150-147 අතර අගයක්ය.මේ සඳහා වෙළඳපොල තුලදී ඔබට හිමිවන මිළ ගනන් තහවුරැ වන්නේ පාරිභෝගික පරිහරණයන් වල කොටසක්ම වන ආර්ථිකමය,දේශපාළනික සිඳුවීම් මත මිළ ගනන්වල සිදුවන වෙනස් වීම් නිසාය.මෙම හේතූන් හේතු කොටගෙන ඔබ විසින් තෝරා ගන්නා Currency Pair වල මිළ ගනන්වල අගයෙහි ඉහල යෑමත් පහල යෑමත් සිඳුවෙන අතර එම ආකාර දෙකෙන්ම වෙළඳාමෙහි (Trading) යෙදිමෙන් ඔබට ලාභ ලබාගත හැක.ලොව තුල ඇති සෑම රටකම එම රටේ මුදල් තව රටක මුදල් සමඟ හුවමාරැවේ නම් එය හදුන්වනු ලබන්නේ Forex (Foreign Currency Exchange) හෙවත් විදේශ මුදල් හුවමාරැ ඒකක යන නමින්ය. එම නිසා මෙම වෙළඳපොල Forex Market/Currency Market, FX Market යන විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ.නමුත් මේ සියලුම නම් භාවිතාකර හඳුන්වන්නේ එකම වෙළඳපොලක් ගැනය.එය විදේශ මුදල් ඒකක හුවමාරැ වෙළඳපොල වේ




දැන් ඔබ දන්නවා Forex වෙළඳපොල කියන්නේ මොකක්ද ? මේකේ වෙන්නේ මොකක්ද කියලා?දැන් අපි බලමු මෙලෙස හුවමාරැවන ලොව ප්රධානම Currency Pairs (විදේශ මුදල් හුවමාරැ යුගල) මොනවද කියලා.

ඒවා නම්,

EURUSD  = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

GBPUSD  = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

USDJPY = ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස්  යෙන් වලින්

USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්රෑන්ක් වලින්


යන මේවා ලොව තුල ප්රධාන වශයෙන් හුවමාරැවන Currency Pairs (විදේශ මුදල් හුවමාරැ යුගල) වේ.මෙලෙස USD සමඟ පමණක් හුවමාරැවන Currency Pairs,Major Currency Pairs නමින් හදුන්වනු ලැබේ. Majors, යනු සුවිශේෂයෙන් Currency Trading (විදේශ මුදල් හුවමාරැ වෙළඳාම) සදහා Currency Market (විදේශ මුදල් හුවමාරැ වෙළඳපොල) තුළ වැඩිපුර භාවිතා වන currency pairs ය.ඒවා majors ’යනු වෙන් හැදින්වේ. ඒවා නම්,


EURUSD = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

GBPUSD  =  බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

USDJPY  =  ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස්  යෙන් වලින්

USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්රෑන්ක් වලින්

USDCAD = ඇමෙරිකානු ඩොලර් එකක් කැනේඩියානු ඩොලර් වලින්

AUDUSD = ඔස්ට්රේලියන් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

NZDUSD = නිව් සීලන්ඩ් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්

USDTRY = ඇමෙරිකානු ඩොලර් එකක් තුර්කිශ් ලීරා වලින්

USDMXN = ඇමෙරිකානු ඩොලර් එකක් මැක්සිකන් පේසො වලින්

USDZAR = ඇමෙරිකානු ඩොලර් එකක් සව්ත් අෆ්රිකන් රෑන්ඩ් වලින්

USDHUF = ඇමෙරිකානු ඩොලර් එකක් හන්ගේරියන් ෆොරින්ට් වලින්

USDHKD = ඇමෙරිකානු ඩොලර් එකක් හොන්ග් කොංග් වලින්

USDDKK = ඇමෙරිකානු ඩොලර් එකක් ඩැනිශ් ක්රෝන් වලින්


මෙවැනි වු ලොව ජනප්රිය රටවල් වල මුදල් ඒකක සමඟ හුවමාරැවන USD සම්බන්ධ වන සෑම Currency Pair එ්කකයක්ම Major Currency Pairs   නමින් හඳුන්වනු ලැබේ.මෙවැනි Major Currency Pairs  බොහෝමයක් අප විසින් ඔබට හඳුන්වාදෙන UNIGLOBE MARKETS නැමැති Forex Broker Company ය (විදේශ මුදල් ඒකක හුවමාරැ අගයන් ඔබට ලබාදෙන තැරව්කාර සමාගම) තුල ඇත.





එමෙන්ම  මෙම Currency Market එක තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ පමණක් නොව,ලොව තුලවු අනෙක් ප්ධාන රටවල් වල මුදල් ඒකක සමඟ සම්බන්ඳ වී හුවමාරැවන වෙන Currency Pairs ද ඇත.එම Currency  Pairs තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ සම්බන්ධ වී හුවමාරැ වීමක් වන්නේ නැත. එවැනි Currency Pairs පහත සටහන්වන අයුරින් සම්බන්ඳ වී හුවමාරැ වේ.

EURGBP = යූරෝ එකක් බ්රිතාන්‍යය පවුන්ඩ් වලින්

EURAUD = යූරෝ එකක් ඔස්ට්රේලියන් ඩොලර් වලින්

EURCHF = යූරෝ එකක් ස්ව්ස් ෆ්රෑන්ක් වලින්

EURJPY  = යූරෝ එකක් ජැපනීස්  යෙන් වලින්

GBPCHF = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් ස්ව්ස් ෆ්රෑන්ක් වලින්   

GBPJPY   = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් ජැපනීස්  යෙන් වලින්

GBPCAD  = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් කැනේඩියානු ඩොලර් වලින්

GBPNZD = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් නිව් සීලන්ඩ් ඩොලර් වලින්

GBPAUD = බ්රිතාන්‍යය පවුන්ඩ් එකක් ඔස්ට්රේලියන් ඩොලර් වලින්


මෙලෙස USD සම්බන්ඳ නොවන Currency Pairs, Crosses Currency Pairs නමින් හැදින්වේ.





ඒ විතරක් නෙමේ අපේ ආයතනයේ ඔයාලට Trade (වෙළඳාම්) කරන්න Currency Pairs වලට අමතර දේවලුත් තියෙනවා.ඒතමයි Commodities සහ Indices.දැන් හිතෙනවා ඇති මොකද්ද මේ අළුතින් ආව නම කියල? මේවත් වැටෙන්නේ Stock Exchange Market (කොටස් වෙළඳපොල) ගනයටයි. නමුත් මෙහි නම් වල ඇතුලාන්තය මහා පරිමාණ වේ.හේතුව Indices වලට වැටෙන්නේ එක රටක සියළුම කොටස් වෙළෙන්ඳන්ගේ සමාගම් සියල්ලම එකට එකකට එක් කර ඒ සඳහා මිළ ගනන් සකසා වෙළඳපොලට Trading සඳහා නිකුත් කිරීමයි.එක රටක Indices එකකට එම රටේ සියළුම කොටස් වෙළෙඳ සමාගම් එකට එක් කරනු ලැබේ.

උදහරණයක් වශයෙන් අපි UK100 යන නමින් හැදින්වෙන Indices එක අයිති වන්නේ එංගලන්තයටයි.එනම් එහි අන්තර්ගත තේරැම වන්නේ (UK ) එංගලන්තය තුල (Listed Shares) නාම්ලැයිස්තු ගත වු කොටස් වෙළෙඳ සමාගම් 100 කි යන්නයි.එවැනි Indices  කිහපයක් අප UNIGLOBE MARKETS සමාඟම තුල ඔබට Trade යෙදීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,

NAS100   =  AMERICAN LISTED SHARES COMPANY

UK100     =  UNITED KINGDOM LISTED SHARES COMPANY

AUS200    =  AUSTRALIYA LISTED SHARES COMPANY

ESP35      =  SPANISH LISTED SHARES COMPANY


FRA40      =  FRANCH LISTED COMPANY SHARES
 
 
මෙලෙස අප ආයතනය තුළවූ  Indices ඔබට කැමති ආකාරයට තොරගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.




ඊළගට අපි බලමු Commodities කියන්නේ මොනවද කියලා?Commodities නමින් හඳුන්වනු ලබන්නේ අප සියලුම දෙනා එදිනෙදා ජීවිතය තුළ නිතර භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වලට.ඒවා ඔබ කවුරැත් දන්නා GOLD,SILVER,COPPER,NATHURAL GAS,OIL,SUGUR,COFEE යන දේවල් වේ.මෙවැනි Commodities අප ආතනය තුල ඔබට Trade කිරීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,

XAUUSD    =  GOLD (රත්තරන්)

XAGUSD    =  SILVER (රිදී)

NGAS         =  NATHURAL GAS ( ස්වභාවික ගෑස්)

USOIL        =  CRUDE OIL (බොර තෙල්)

UKOIL        =  BRENT OLI ( බ්රෙන්ට් තෙල්)


මෙලෙස ඔබට කැමති ආකාරයට අප ආයතනය තුළවූ  Commodities තෝරාගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.මෙම සියළුම දෑ හේතු කොටගෙන අප UNIGLOBE MARKET ආයතනයෙහි Commodities සහ Indices වල (Trade) වෙළඳාමෙ හි නිරත වීම තනිකරම නීත්‍යානුකූලය.එමනිසා ඔබට Currency වලට අමතර Trade කිරීම සඳහා Commodities සහ Indices භාවිතා කළ හැක.එමඟින් ඔබට Trading සඳහා නීත්‍යානුකූලය  පසුබිමක් ගොඩනගා ගත හැක.

මෙහිදී එනම්,Forex,Commodities,Indices යන වෙළඳපොලවල් වර්ග තුනේම ඇත්තේ වර්ථමාන මිළ දර්ශක බැවින් ඒවයේ මිළ දර්ශක අගයන්  සෑම ත්පරයකම වෙනස්වනූ ලැබේ.එම සංඛ්‍යාත්මක මිළ දර්ශක විටෙක ඉහල යමින් සහ විටෙක පහල යමින් වෙනස් වීමට බලපානු ලබන්නේ ලෝක ආර්ථිකයයි.එම ලෝක ආර්ථිකය තුල සෑම රටකම ක්රියාකාරකම් ගණනය වන අතර අදාළ රටවල් අනුව වෙළඳපොල (Market) තුල අදාළ  මිළ දර්ශක වල වෙනස්වීම් සිදුවේ.




අප හිතවත් පාරිභෝගිකයනි,Forex Trading ඔබ තෝරාගත යුත්තේ ඇයි?











ගුරුතුමාගෙන් ඉගෙන ගන්න...


Forex යනු,


Forex කියන්නේ මොකද්ද?පැහැදිලිව කිව්වොත් Forex කියන්නේ මුදල් වෙළඳපොළට,එහෙමත් නැත්තම් මුල්ය්‍ය වෙළඳපොළට.

දැන් මතක් කරගන්න ඉස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත කොටස් හා ලාභාංශය පාඩම.මතකද පාඩම සමහරක් අයට මතක් වෙනවා ඇති.කොහොම උනත් මේකෙ මහ දෙයක් නෑ.හරි සරලයි.


ඔන්න පටන්ගමු පාඩම.හිතන්න යම් වටිනාකමක් තියෙන භාණ්ඩයක් ඔයා මිළදී ගත්තා රැ.30 කට.හිතන්න ඒ මිළදී ගත් භාණ්ඩයේ වෙළඳපොල මිල රැ.30 යි කියල.දැන් ඔයා මිළදී ගත්ත භාණඩය ඔයා වෙන කාට හරි විකුනණවා රුපියල් 35 කට කියල හිතන්න.දැන් මෙතන ලාභාංශය හෙවත් ලාභය කියද?

විකුණුම් මිල                                           =  35 

ගැනුම් මිල හෙවත් වෙළඳපොල මිල       =  -30

ලැබු ලාභය                                             = 05

එනම් වෙළඳපොල මිල රුපියල් 30කට තිබු භාණ්ඩය රුපියල් 35 කට විකුණා ඔබ විසින් මිලදී ගත් ප්රමාණයට අමතරව රුපියල් පහක ලාභයක හිමිකරැවෙකු බවට පත්වුණා.මෙන්න මේ දේම තමා විදේශ මුදල් හුවමාරු වෙළඳපොලේ එනම් (Foreign Currency exchange Market/Froex/FX) යන නොයෙක් නම් වලින් හඳුන්වන වෙළඳපොලේත් සිද්ධවෙන්නේ.වෙනසකට තියෙන්නේ ඔයා මිලදී ගන්න භාණ්ඩයේ නම වෙනස් වෙන එක විතරයි.



ඔන්න අපි දැන් විදේශ මුදල් හුවමාරු වෙළඳපොල ගැන කතා කරමු.මේකෙත් ඔයා සතියේ පොළට ගිහන් බඩු ගනිද්දි වෙන වැඩේමයි වෙන්නේ.ඒ කියන්නේ හිතන්න ඔයා එළවළු Market එකට යනව බඩු ගන්න.ගිය සතියේ තක්කාලි කිලෝව රුපියල් 100 ට ගත්තේ කියල හිතන්න.මේ සතියේ එහා ගෙදර යාළුවා ඊයේ පොලෙන් ගෙනත් තිබුනෙ තක්කාලි කිලෝව රුපියල් 130 ටලු.එ්වගේම යාළුවා කියන්නේ තක්කාලි අඩුවට පොළේ කිසිම වෙළෙන්ඳෙක් ගාව තිබ්බේ නෑ කියලා.ඔයා දැන් දන්නවා මේ සතියේ වෙළඳපොලේ තක්කාලි වල මිළ ගනන් කීයද කියලා.නමුත් ඔයා යන්නේ පොලේ කොහේහරි තැනක තක්කාලි අඩුවට තිබ්බොත් කියන බලාපොරොත්තුව අනුව.ඒ වගේම පොලේ එක තැනක තිබිලා ඉක්මනට විකිණිලා ඉවරවී ගෙන එන තක්කාලි කිලෝව රුපියල් 80 කට ගන්න ලැබෙනවා කියලා හිතන්න.ඔන්න දැන් තමයි හොඳම අවස්ථාව.ඒ කියන්නේ ගිය සතියෙ පොළෙන් ඔයා තක්කාලි කිලෝව ගත්තේ රුපියල් 100 ට.

එතකොට එහා ගෙදර යාළුවා තක්කාලි කිලෝව ගෙනාවේ රුපියල් 130 ට

ඔයා අද පොලේ ගිහින් ගත්තේ රුපියල් 80 ට

ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ ගිය සතියෙ වෙළඳපොලෙන් මිලදීගත් මිලත් එහා ගෙදර යාළුවා මිලදීගත්  මිලටත් වඩා අඩු මුදලක් යොදවා මිලදීගත් නිසා ලැබූ ලාභයකයි.දැන් අපි මේ දෙකේ  ලාභාංශය සසඳලා බලමු.ඒ කියන්නේ,

 යාළුවා මිලදීගත් මිළ   = 130

ඔබ මිලදීගත් මිළ         =  -80

ලැබු ලාභය                  =  50

එනම් ඔබගේ යාළුවා මිලදීගත් මිළ අනුව සසඳා බැලු විට දැන් ඔබ ඉන්නේ රුපියල් 50 ක ලාභයක හිමිකරැවෙකු වෙළයි.
දැන් අපි බලමු ඔබ ගිය සතියේ මිලදීගත් මිළ අනුව සසඳා බැලු විට ඔබට ලැබෙන ලාභය කීයද කියලා.

ඔබ ගිය සතියේ මිලදීගත් මිළ    =  100

ඔබ මේ සතියේ මිලදීගත් මිළ    = - 80

ලැබු ලාභය                                = 20

එනම් ගිය සතියේ මිලදීගත් මිළ අනුව සසඳා බැලු විට ඔබට ලැබුනු ලාභය රුපියල් 20 කි.මෙහිදී ඔබ විශේෂයෙන් සැළකිය යුතු වන්නේ,ගිය සතියේ වෙළඳපොල මිළ, මේ සතියේ වෙළඳපොල මිළ,සමඟ ඔබ ලැබූ සාපේක්ෂ ලාභය පළිබඳවයි.හේතුව මේ සියල්ල පිළිබඳව Forex Market එක තුළදී ඔබට නිතර අවදානය යොමු කිරීමට සිඳුවන නිසා.

 


මා දැන් පැහැදිලි කරන්න හදන්නේ විදේශ මුදල් හුවමාරැ ඒකක (Forieng Currency Pair ) පළිබඳවයි.
මොනවඳ මේ ලොව ප්රධානම විදේශ මුදල් ඒකක (Currency Pairs )?

EUR  = යුරෝපියානු මුදල්  ඒකකය       =  යූරෝ

GBP  = බ්රිතාන්‍යය මුදල්  ඒකකය        = බ්රිතාන්‍යය පවුන්ඩ්  

USD = ඇමෙරිකානු මුදල්  ඒකකය        = යුඑස් ඩොලර්  

JPY = ජැපනීස් මුදල්  ඒකකය               =  ජැපනීස් යෙන්

CHF = සුවිස් ෆ්රැන්ක් මුදල්  ඒකකය     = සුව්ස් ෆ්රෑන්ක් 


 

දැන් අපි බලමු විදේශ මුදල් ඒකක හුවමාරැ (Forieng Currency Exchange)වෙනවා කියන්නේ මොකද්ද කියලා?

හිතන්න ඔයා ගාව ඩොලර් USD10 ක් තියෙනවා කියලා. ඔයා ඉන්නේ ලංකාවේ ඒ නිසා මේ ඩොලර්  USD10 ඔයාට රුපියල් වලට මාරැ කර ගන්න ඕන.ඒ නිසා ඔයා යනවා පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනයකට.එතනින් ඔයාට කියන්නේ ඔයාගේ USD10 ට ලංකා රුපියල් 1500 ක මුදලක් දෙන්නම් කයලා.ඒ කියන්නේ ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 150 ක වටිනාකමකි.

දැන් ඔයා රජයේ බැංකුවකට ගොස් ඔයා ගාව තිබුන ඩොලර් USD10 විදේශ මුදල් ලංකා මුදල් ඒකක සමඟ හුවමාරැ කිරීමට විමසා සිටි විට බැංකුව විසින් ඔබට ලබා දිය හැකි මුදල් ප්රමාණය ලෙස පවසා සිටින්නේ රුපියල් 1470 ක වටිනාකමකි.දැන් ඔබට ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 147 ක වටිනාකමකි.මෙවැනි අවස්ථාක දී ඔබට වඩාත් වාසිදායක වන්නේ පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනය විසින් ඔබට ලබා දිය හැකියි පැවසු වටිනාකමට ඔබ  ළඟ තිබෙන මුදල් ප්රමාණය විකුණා ලංකා මුදල් මිළදී ගැනීමයි.

මෙහිදී ඔබගේ USD 10 වෙළඳ පොළ මිළ වුයේ   = 150 – 147  ත් අතර මුදලකි.

ඔබ විසින් USD 1 ක් විකුනන්නේ                       =  150 ක වටිනාකමකටය. = 150 x 10

ඔබ විසින් LKR ලෙස මිළදී ගන්නේ                    = 1500 ක වටිනාකමකටය.

 

ඔබ විසින් විකුණන ලද USD 1 ක්  පුද්ගලික මුදල් ඒකක හුවමාරැ කරන ආයතනය විසින් මිළදී ගනු ලබන්නේද රුපියල් 150 ක වටිනාකමකටය.මෙහි සුවිශේෂත්වය වන්නේ විකුණුම්කරැ සහ ගැනුම්කරැ අතර සම්බන්ධතාවයයි.

ඔබ මෙහිදී සිදුකරන්නේ ඔබ අතේ ගැවසෙන මුදල් හුවමාරැ කිරීමයි.නමුත් ඔබට Forex Market එනම් විදේශ මුදල් ඒකක හුවමාරැ වෙළඳපොලේදී මිළදී ගනු ලබන්නේ කිසියම් විදේශ මුදල් හුවමාරැ ඒකකයක වෙළඳපොල තුල වටිනාකම අතර වු මිළ දර්ශකයකි.ආදාල මුදල් හුවමාරැ ඒකකයේ නෝට්ටුව නොවේ.

මෙවැනිම වූ ක්රියාවලියක් ඔබ කොටස් වෙළඳපොල තුලද සිඳුවන්නේය.කොටස් වෙළඳපොල ඇති මිළ ගනන්වලට ඔබ යම් සමාගමක කොටස් මිළදී ගත් විට වෙළඳපොල මිල ගනන් ඔබ මිළදී ගත් අගයට වඩා ඉහළ අගයකට ගියහොත් පමණක් ඔබට ලාබ ලැබෙන්නේය.නමුත් Forex Market එක තුල ඔබට වොළඳපොල ගමන් කරන මිල ගනන් සමඟ මිලදී ගන්නා කොටස්වල මිළ ගනන් දර්ශකයක ඉහල යන විටද පහල යන විටද ලාභ ලබා ගැනීමේ හැකියව ඇත.එමනිසා Currency Market නොහොත් Forex Market සියලුම Markets අතර සුවිශේෂි Market එකක් බවට පත්වනු ඇත.

එමෙන්ම මා විසින් සටහන් කරනු ලැබු සෑම උදාහරණයකම වෙළඳපොල මිළ ගනන් ඉහල පහල වු අවස්ථාවන් සෑම උදාහරණයකම සටහන් වූ කරැණකි.මෙම වොළඳපොල මිළ ගනන් ඉහල පහල වීමට බලපාන ප්රධාන හේතූන් වන්නේ සෑම අවස්තාවකම පාරිභෝගිකයන් විසින් එම වෙළඳ භාණ්ඩ පරිහරණය කරන ආකාරය අනුවය.පළවෙනි උදාහරණයේ ලාභය ලැබුවේ ඔබ විසින් රුපියල් 30 කට ගත් භාණ්ඩය රුපියල්  35 කට මිලදී ගත් පාරිභෝගික පරිහරණය නිසාය.දෙවෙනි උදාහරණයේ තක්කාලි අඩුවට මිළදී ගත හැකි වුයේ පාරිභෝගික පරිහරණය නිසාය.තුන්වෙනි උදාහරණයේ USD 1 ක මිළ ගනන් එහා මෙහා වුයේද පාරිභෝගික පරිහරණය නිසාය.

විදේශ හුවමාරැ මුදල් ඒකකයක වටිනාකම ඉහල පහල වීමට මුළු ලොව පුරාවට සිඳුවන පාරිභෝගික පරිහරණයන් බලපානු ලැබේ.එම පාරිභෝගික පරිහරණයන් ආර්ථිකමය,දේශපාළනික සිඳුවීම් මත පදනම් වේ.

සෑම සතියේ දිනකම දහවල් 12.00 ත් 1.00 ත් අතර Signals (Updating) අලුත්වීම බලාපොරොත්තු වන්න.

$100 ක තැන්පත් ඟිණුම් සඳහා Free Signal,Templates,Indicator,(Fibonacci)Video Tutorials.Economic News,නවතම Forex Articles,ලබා ගැනීමට හැක.මෙම සියලුම සේවා පහසුකම් නොමිලේ ලබා ගත හැක්කේ අප සාමාජිකයන් පමණි.

Forex  මුලික පිවිසෙන්නන් සඳහා