
මුලික පිවිසෙන්නන් සඳහා
අපි මුලින්ම හඳුනා ගනිමු විදේශ මුදල් හුවමාරැ ඒකක (Foreign Currency Pair ) මොනවාද යන්න? ඇත්තටම මොනවඳ මේ ලොව ප්‍රධානම විදේශ මුදල් ඒකක වර්ග (Currency Pairs )?
EURO = යුරෝපියානු මුදල් ඒකකය= යූරෝ
GBP = බ්‍රිතාන්‍යය මුදල් ඒකකය = බ්‍රිතාන්‍යය පවුන්ඩ්
USD = ඇමෙරිකානු මුදල් ඒකකය= යු එස් ඩොලර්
JPY = ජැපනීස් මුදල් ඒකකය= ජැපනීස් යෙන්
CHF = සුවිස් ෆ්‍රෑන්ක් මුදල් ඒකකය= සුව්ස් ෆ්‍රෑන්ක්
මුලික පිවිසෙන්නන් සඳහා
අපි මුලින්ම හඳුනා ගනිමු විදේශ මුදල් හුවමාරැ ඒකක (Foreign Currency Pair ) මොනවාද යන්න? ඇත්තටම මොනවඳ මේ ලොව ප්‍රධානම විදේශ මුදල් ඒකක වර්ග (Currency Pairs )?
දැන් අපි බලමු විදේශ මුදල් ඒකක හුවමාරැ (Foreign Currency Exchange)වෙනවා කියන්නේ මොකද්ද කියලා?
හිතන්න ඔයා ගාව ඩොලර් USD10 ක් තියෙනවා කියලා. ඔයා ඉන්නේ ලංකාවේ ඒ නිසා මේ ඩොලර් USD10 ඔයාට රුපියල් වලට මාරැ කර ගන්න ඕන.ඒ නිසා ඔයා යනවා පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනයකට.එතනින් ඔයාට කියන්නේ ඔයාගේ USD10 ට ලංකා රුපියල් 1500 ක මුදලක් දෙන්නම් කයලා.ඒ කියන්නේ ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 150 ක වටිනාකමකි. දැන් ඔයා රජයේ බැංකුවකට ගොස් ඔයා ගාව තිබුන ඩොලර් $10 විදේශ මුදල් ලංකා මුදල් ඒකක සමඟ හුවමාරැ කිරීමට විමසා සිටි විට බැංකුව විසින් ඔබට ලබා දිය හැකි මුදල් ප්‍රමාණය ලෙස පවසා සිටින්නේ රුපියල් 1470 ක වටිනාකමකි.දැන් ඔබට ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 147 ක වටිනාකමකි.මෙවැනි අවස්ථාක දී ඔබට වඩාත් වාසිදායක වන්නේ පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනය විසින් ඔබට ලබා දිය හැකියි පැවසු වටිනාකමට ඔබ ළඟ තිබෙන මුදල් ප්‍රමාණය විකුණා ලංකා මුදල් මිළදී ගැනීමයි.
මෙහිදී ඔබගේ $10 වෙළඳ පොළ මිළ වුයේ = 150 – 147 ත් අතර මුදලකි.
ඔබ විසින් $1 ක් විකුනන්නේ = 150 ක වටිනාකමකටය. = 150 x 10
ඔබ විසින් LKR ලෙස මිළදී ගන්නේ = 1500 ක වටිනාකමකටය.
ඔබ විසින් විකුණන ලද USD1 ක් පුද්ගලික මුදල් ඒකක හුවමාරැ කරන ආයතනය විසින් මිළදී ගනු ලබන්නේද රුපියල් 150 ක වටිනාකමකටය.මෙහි සුවිශේෂත්වය වන්නේ විකුණුම්කරැ සහ ගැනුම්කරැ අතර සම්බන්ධතාවයයි.
ඔබ මෙහිදී සිදුකරන්නේ ඔබ අතේ ගැවසෙන මුදල් හුවමාරැ කිරීමයි.නමුත් ඔබට Forex Market එනම් විදේශ මුදල් ඒකක හුවමාරැ වෙළඳපොලේදී මිළදී ගනු ලබන්නේ කිසියම් විදේශ මුදල් හුවමාරැ ඒකකයක වෙළඳපොල තුල වටිනාකම අතර වු මිළ දර්ශකයකි.ආදාල මුදල් හුවමාරැ ඒකකයේ නෝට්ටුව නොවේ.
මෙවැනිම වූ ක්‍රියාවලියක් ඔබ කොටස් වෙළඳපොල තුලද සිඳුවන්නේය.කොටස් වෙළඳපොල ඇති මිළ ගනන්වලට ඔබ යම් සමාගමක කොටස් මිළදී ගත් විට වෙළඳපොල මිල ගනන් ඔබ මිළදී ගත් අගයට වඩා ඉහළ අගයකට ගියහොත් පමණක් ඔබට ලාබ ලැබෙන්නේය.නමුත් Forex Market එක තුල ඔබට වොළඳපොල ගමන් කරන මිල ගනන් සමඟ මිලදී ගන්නා කොටස්වල මිළ ගනන් දර්ශකයක ඉහල යන විටද පහල යන විටද ලාභ ලබා ගැනීමේ හැකියව ඇත.එමනිසා Currency Market නොහොත් Forex Market සියලුම Markets අතර සුවිශේෂි Market එකක් බවට පත්වනු ඇත.
එමෙන්ම මා විසින් සටහන් කරනු ලැබු සෑම උදාහරණයකම වෙළඳපොල මිළ ගනන් ඉහල පහල වු අවස්ථාවන් සෑම උදාහරණයකම සටහන් වූ කරැණකි.මෙම වොළඳපොල මිළ ගනන් ඉහල පහල වීමට බලපාන ප්‍රධාන හේතූන් වන්නේ සෑම අවස්තාවකම පාරිභෝගිකයන් විසින් එම වෙළඳ භාණ්ඩ පරිහරණය කරන ආකාරය අනුවය.මෙම උදාහරණයේ ලාභය ලැබුවේ $1 ක මිළ ගනන් එහා මෙහා වු පාරිභෝගික පරිහරණය නිසාය.
විදේශ හුවමාරැ මුදල් ඒකකයක වටිනාකම ඉහල පහල වීමට මුළු ලොව පුරාවට සිඳුවන පාරිභෝගික පරිහරණයන් බලපානු ලැබේ.එම පාරිභෝගික පරිහරණයන් ආර්ථිකමය,දේශපාළනික සිඳුවීම් මත පදනම් වේ.
දැන් අපි බලමු පාරිභෝගික පරිහරණයන් මත එක් මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයක් සමඟ හුවමාරැ වෙන්නේ කොහොමද කියලා.අපි ඉහත උදාහරණයේ කතා කරපු දේ නැවත මතක් කරගන්න.එහිදි ඔයා අතේ තිබුන USD ( ඇමෙරිකානු ඩොලර්) 10 ක මූදල ඔයාට LKR(ලංකා රුපියල්) බවට මාරැකර ගැනීම මඟින් සිඳුවූයේ USD නැමැති විදේශ මුදල් LKR සමඟ හුවමාරැ වීමකි.එනම් පහත උදාහරණය බලන්න.
USD හුවමාරැ VS වෙන්නේ LKR සමඟ= USDLKR වේ.
එනම් USDLKR යනු විදේශ මුදල් හුවමාරැ යුගලයක් වේ.මෙහි තේරැම වන්නේ USD එකක් LKR වලින් කීයක්ද යන්නයි.මෙහි තුනවන උදාහරණයේ අප USDLKR හි වෙළඳපොල මිල ලෙස සටහන් කරනු ලැබුවේ 150-147 අතර අගයක්ය.මේ සඳහා වෙළඳපොල තුලදී ඔබට හිමිවන මිළ ගනන් තහවුරැ වන්නේ පාරිභෝගික පරිහරණයන් වල කොටසක්ම වන ආර්ථිකමය,දේශපාළනික සිඳුවීම් මත මිළ ගනන්වල සිදුවන වෙනස් වීම් නිසාය.මෙම හේතූන් හේතු කොටගෙන ඔබ විසින් තෝරා ගන්නා CurrencyPairs වල මිළ ගනන්වල අගයෙහි ඉහල යෑමත් පහල යෑමත් සිඳුවෙන අතර එම ආකාර දෙකෙන්ම වෙළඳාමෙහි (Trade) යෙදිමෙන් ඔබට ලාභ ලබාගත හැක.ලොව තුල ඇති සෑම රටකම එම රටේ මුදල් තව රටක මුදල් සමඟ හුවමාරැවේ නම් එය හදුන්වනු ලබන්නේ Forex (Foreign Currency Exchange) හෙවත් විදේශ මුදල් හුවමාරැ ඒකක යන නමින්යහ. එම නිසා මෙම වෙළඳපොල Forex market/CurrencyMarket, FXMarket, Interbank Market යන විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ.නමුත් මේ සියලුම නම් භාවිතාකර හඳුන්වන්නේ එකම වෙළඳපොලක් ගැනය.එය විදේශ මුදල් ඒකක හුවමාරැ වෙළඳපොල වේ.
දැන් ඔබ දන්නවා FOREX වෙළඳපොල කියන්නේ මොකක්ද ? මේකේ වෙන්නේ මොකක්ද කියලා?දැන් අපි බලමු මෙලෙස හුවමාරැවන ලොව ප්‍රධානම CURRENCY PAIRS (විදේශ මුදල් හුවමාරැ යුගල) මොනවද කියලා.ඒවා නම්,
EURUSD = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
GBPUSD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDJPY = ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස් යෙන් වලින්
USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
යන මේවා ලොව තුල ප්‍රධානම වශයෙන් හුවමාරැවන CURRENCY PAIRS (විදේශ මුදල් හුවමාරැ යුගල) වේ.මෙලෙස USD සමඟ පමණක් හුවමාරැ වන CURRENCY PAIRS,MAJOR CURRENCY PAIRS නමින් හදුන්වනු ලැබේ.MAJORS,යනු සුවිශේෂයෙන් CUREENCY TRADING (විදේශ මුදල් හුවමාරැ වෙළඳාම) සදහා CURRENCY MARKET (විදේශ මුදල් හුවමාරැ වෙළඳපොල) තුළ වැඩිපුර භාවිතා වන CURRENCY PAIRS ය.ඒවා MAJORS’යනු වෙන් හැදින්වේ. ඒවා නම්,
EURUSD = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
GBPUSD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDJPY = ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස් යෙන් වලින්
USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
USDCAD = ඇමෙරිකානු ඩොලර් එකක් කැනේඩියානු ඩොලර් වලින්
AUDUSD= ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
NZDUSD = නිව් සීලන්ඩ් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDTRY = ඇමෙරිකානු ඩොලර් එකක් තුර්කිශ් ලීරා වලින්
මෙවැනි වු ලොව ජනප්‍රිය රටවල් වල මුදල් ඒකක සමඟ හුවමාරැ වන,USD සම්බන්ධ වන සෑම CURRENCY PAIR එකකයක්ම MAJOR CURRENCY PAIR නමින් හඳුන්වනු ලැබේ.මෙවැනි MAJOR CURRENCY PAIR බොහෝමයක් අප විසින් ඔබට හඳුන්වාදෙන LEO PRIME නැමැති FOREX BROEKR COMPANY ය (විදේශ මුදල් ඒකක හුවමාරැ අගයන් ඔබට ලබාදෙන තැරව්කාර සමාගම) තුල ඇත.
එමෙන්ම මෙම CURRENCY MARKET එක තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ පමණක් නොව,ලොව තුලවු අනෙක් ප්‍රධාන රටවල් වල මුදල් ඒකක සමඟ සම්බන්ඳ වී හුවමාරැවන වෙන CURRENCY PAIRS ද ඇත.එම CURRENCY PAIRS තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ සම්බන්ධ වී හුවමාරැ වීමක් වන්නේ නැත. එවැනි CURRENCY PAIRS පහත සටහන්වන අයුරින් සම්බන්ඳ වී හුවමාරැ වේ.
EURGBP = යූරෝ එකක් බ්‍රිතාන්‍යය පවුන්ඩ් වලින්
EURAUD = යූරෝ එකක් ඔස්ට්‍රේලියන් ඩොලර් වලින්
EURCHF = යූරෝ එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
EURJPY =යූරෝ එකක් ජැපනීස් යෙන් වලින්
GBPCHF = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
BPJPY = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ජැපනීස් යෙන් වලින්
GBPCAD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් කැනේඩියානු ඩොලර් වලින්
GBPNZD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් නිව් සීලන්ඩ් ඩොලර් වලින්
GBPAUD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඔස්ට්‍රේලියන් ඩොලර් වලින්
මෙලෙස USD සම්බන්ඳ නොවන Currency Pairs, Crosses Currency Pairs නමින් හැදින්වේ.
ඒ විතරක් නෙමේ අපේ ආයතනයේ ඔයාලට Trade (වෙළඳාම්) කරන්න Currency Pairs වලට අමතර දේවලුත් තියෙනවා.ඒතමයි Commodities සහ indices මේවත් වැටෙන්නේ Stock Exchange Market (කොටස් වෙළඳපොල) ගනයටයි. නමුත් මෙහි නම් වල ඇතුලාන්තය මහා පරිමාණ වේ.හේතුව Indices වලට වැටෙන්නේ එක රටක සියළුම කොටස් වෙළෙන්ඳන්ගේ සමාගම් සියල්ලම එකට එකකට එක් කර ඒ සඳහා මිළ ගනන් සකසා වෙළඳපොලට Trading සඳහා නිකුත් කිරීමයි.එක රටක Indices එකකට එම රටේ සියළුම කොටස් වෙළෙඳ සමාගම් එකට එක් කරනු ලැබේ.
උදහරණයක් වශයෙන් අපි US30 යන නමින් හැදින්වෙන Indices එක අයිති වන්නේ ඇමෙරිකාවටයි.එනම් එහි අන්තර්ගත තේරැම වන්නේ (US ) ඇමෙරිකාවතුල (Listed Shares) ලැයිස්තු ගත වු කොටස් වෙළෙඳ සමාගම් 30 කි යන්නයි.එවැනි Indices කිහපයක් අප LEO PRIME සමාඟම තුල ඔබට TRADE යෙදීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
NAS100 = AMERICAN LISTED SHARE COMPANY 100
GER30= GERMANY LISTED SHARE COMPANY 30
FRA40 = FRANCH LISTED SHARE COMPANY 40
US500= AMERICAN LISTED SHARE COMPANY 500
මෙලෙස අප ආයතනය තුළවූ Indices ඔබට කැමති ආකාරයට තොරගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.
ඊළගට අපි බලමු COMMODITIES කියන්නේ මොනවද කියලා? COMMODITIES නමින් හඳුන්වනු ලබන්නේ අප සියලුම දෙනා එදිනෙදා ජීවිතය තුළ නිතර භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වලට.ඒවා ඔබ කවුරැත් දන්නා GOLD,SILVER,NATURAL GAS ,OIL, යන දේවල් වේ.මෙවැනි Commodities අප ආතනය තුල ඔබට Trade කිරීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
XAUUSD= GOLD (රත්තරන්)
XAGUSD= SILVER(රිදී)
OIL= CRUDE OIL(බොර තෙල්)
මෙලෙස ඔබට කැමති ආකාරයට අප ආයතනය තුළවූ COMMODITIES තෝරාගෙන TRADE කිරීමට ඉඩ සලස්වා ඇත.මෙම සියළුම දෑ හේතු කොටගෙන අප LEO PRIME ආයතනයෙහි COMMODITIES සහ INDICES වල (TRADE) වෙළඳාමෙ හි නිරත වීම තනිකරම නීත්‍යානුකූලය.එම නිසා ඔබට CURRENCY වලට අමතර TRADE කිරීම සඳහා COMMODITIES සහ INDICES භාවිතා කළ හැක.එමඟින් ඔබට TRADE සඳහා නීත්‍යානුකූල Trading පසුබිමක් ගොඩනගා ගත හැක.
එමෙන්ම ලෝක වෙළඳපොලට අලුතින් ආව ඩිජිටල් මුදල් ඒකක වර්ග කිහිපයක් වේ.ඒවානම් වශයෙන්,BITCOIN,LITECOIN, ETHERIUM සහ DASHCOIN යන මේවා ක්‍රිප්ටෝ මුදල් වශයෙන් හැදින්වේ.අතිශයින්ම සුරක්ෂිත,වූ පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රිප්ටෝ මුදල්,හුවමාරු සහ මුදල් පසුම්බි වෙළඳපළ තුළ ඇත. BITCOIN, LITECOIN, ETHERIUM සහ DASHCOIN වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක යනු විමද්‍යගත ඩිජිටල් මුදල් පද්ධතියකි. මෙම ඩිජිටල් මුදල් ඒකක වලද ඔබට TRADE කිරීමේ හැකියාව ඇත.(CRIPTO CURRENCIES අප විසින් හදුන්වාදෙන ආයතනයෙන් ට්‍රේඩින් සදහා ලබා දී නැත.මන්දයත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වලින් තහනම් කර ඇති හේතුව මතයි.)
මෙහිදී එනම්,FOREX,COMMODITIES,INDICES,CRIPTO CURRENCIES යන වෙළඳපොලවල් වර්ග හතරේම ඇත්තේ වර්ථමාන මිළ දර්ශක බැවින් ඒවයේ මිළ දර්ශක අගයන් සෑම ත්පරයකම වෙනස්වනූ ලැබේ.එම සංඛ්යාවත්මක මිළ දර්ශක විටෙක ඉහල යමින් සහ විටෙක පහල යමින් වෙනස් වීමට බලපානු ලබන්නේ ලෝක ආර්ථිකයයි.එම ලෝක ආර්ථිකය තුල සෑම රටකම ක්‍රියාකාරකම් ගණනය වන අතර අදාළ රටවල් අනුව වෙළඳපොල (MARKET) තුල අදාළ මිළ දර්ශක වල වෙනස්වීම් සිදුවේ.