top of page

දැනගත යුතු විශේෂ කරැණු,
සමහරක් අයට තියෙන එකම ප්‍රශ්නය තමයි කොහොමද ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්නේ කියලා?ඇත්තටම ලොස් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න පුලුවන්,නමුත් ඒකට හොඳ පුහුනුවක් නිවැරදි අධ්‍යයනයක් අවශ්‍යය වෙනවා.හොඳ පුහුනුවක් සහ නිවැරදි අධ්‍යයනයක් ලබාගන්න අප ෆොරෙක්ස් ෆෝ ශ්‍රී ලංකා වෙබ් අඩවියේ සටහන් කරණු ලබන සෑම විස්තරයක්ම නිවැරදිව පිලිවෙලට කියවන්න.අප මුල සිට පටන් ගන්නා ආකාරය නිදසුන් සමඟ සටහන් කරනව.මේ සියල්ල නිවැරදිව පිලිවෙලින් බලන්න.
ඒ වගේම තමයි ගොඩක් පිරිසක් යොමු වෙලා ඉන්නව අද කලේ නොයෙකුත් face book Page, සහ groups වල යන දේවල් ඇස් වහගෙන පිලිගන්න.එහෙමත් නැත්තම් තමන්ට කරන්න අවශ්‍යය දේ වෙන කෙනෙක් ගෙන් අහල කරන්න පුරැද්දක් තියෙනවා.මොකද්ද ඒකට හේතුව ඔයාට ඔයා ගැන විශ්වසයක් නැද්ද?එහෙමත් නැත්තම් අලුත් දෙයක් අත්හදා බලන්න තරම් හයියක් නැද්ද?ජීවිතේ පැන නගින හදිසි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ අපි තනියම නේද? ඒ වගේම ට්‍රේඩ් කරද්දිත් ඒ දේ තනියම කරන්න උත්සාහ ගන්න.තනියම ඉගෙන ගන්න උත්සාහ කරන්න.හිතුවොත් උත්සාහ ගත්තොත් කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ.
ඕන තරම් සින්හල වෙබ් අඩවි තියෙනව ඔයලට ඉගෙන ගන්න. You Tube නාලිකා තියෙනව ඔයාලට ඉගෙන ගන්න.ඒ නිසා අනවශ්‍ය තැන් වලට ගිහින් ප්‍රශ්න ඇහුවම ඔයාලට ලබෙන්නේ අදාල පිරිස් එකතු වෙලා ඔයාලට පෙන්නන්න හදන බොරු ලෝකයක්,බොරැ ප්‍රශ්න මාලාවක් සහ ඔවුන්ගේම ජාලයේ පිරිස විසින් අලුතින් සම්බන්ද වෙන පිරිසගේ ඔළුු සේදිමක් කර අලුතින් ට්‍රේඩින් සඳහා සම්බන්ඳ වෙන සියළුුුම දෙනා ඔවුන්ට අවශ්‍යය ආයතනයන් සඳහා යොමු කිරීමට දරනා නොපසුබට උත්සාහයකි.
මෙයින් අප ඔබට සදහන් කරන්නේ නෑ ඔබට එවැනි නාලිකා සහ කණ්ඩායම් සමඟ සම්බනඳ වෙන්න එපා කියලා.නමුත් සම්බන්ඳ වී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න අවශ්‍යය බවයි දැනුම් දෙන්නේ.එතනින් එහාට ගත යුතු සියලූම තීරණ ඔබ සතුයි.අපට දිය හැකි වන්නේ මාර්ග උපදේශනයක් පමණයි.ගමන් කල යුතු මාර්ගය තෝරා ගත යුත්තේ ඔබ විසින්මයි.අපට දිය හැකි වන්නේ මාර්ග උපදේශනයක් පමණයි.ගමන් කල යුතු මාර්ගය තෝරා ගත යුත්තේ ඔබ විසින්මයි.මන්ඳයත් එවැනි කණ්ඩායම් ගොඩනගා ඇත්තේ ඔබව සම්පුර්ණ පාලනයකට ගැනීමට සහ ඔබව නිවැරදි මාවත වෙනුවට වැරදි මාවත් වෙත යොමු කිරීමටයි.එනම් සපම්පූර්ණ manipulate කිරීමකි.ඔබට දිය හැකි හොදම උදාහරණය වෙන්නේ එක සැරයක් ඔවුන් කියන දේට විරුද්ද පිලිතුරක් දී බැලීමය.එහිදී ඔවුන් සියල්ලෝම ඔබට විරැද්දව නැගී සිටින්නේය.පුද්ගලික මැසේජ මාර්ගයෙන් ඔබට තර්ජන කරනු ලබන අතර අදාල ෆේස් බුක් ජාල සහ කණ්ඩායම් තුලින් ඔබව බැන්ඩ් කර බ්ලොක් කර දමනවා නියතය.ඉන් පසු ඔබට අප පැවසූ සියල්ල සත්‍යය බව වැටහීයනු නොඅනුමානය.මේ සියල්ල වටහා ගෙන ඔබට අවශ්‍යය දේ ඔබ විසින් තෝරාගන්න.ඔබේ තීරණයේ හිමිකරු ඔබ වෙන්න.ඔබගේ පුද්ගලිකත්වය ඔබ සතු කර ගන්න.
ෆොරෙක්ස් වල ට්‍රේඩින් කරනවානම් ඔන්ලයින් හරහා සම්බන්ඳ වෙන පිරිසගෙන් පරිස්සම් වෙන්න මතක තබා ගන්න.මන්ඳයත් ඔබව මුලා කිරීමට සහ නොයෙක් ආකාර වලින් ඔබගේ මුදල් ඩැහැ ගැනීමට වෙර දරන හොර කපටි වංචාකාරී මිනිසුන් ගෙන් ප්‍රවේසම් වෙන්න.මේ සියල්ල මතක තබා ගන්න.
ඔබට මොනයම් ආකාරයේ හෝ දෙයක් දැන ගැනීමට තියෙනවානම් කරුණාකර යුනිග්ලෝබ් මාර්කට්ස් ආයතනයේ සිංහල සහය අංශය අමතන්න.ඔවුන් සිටින්නේ ඔබේ සහයටමයි.ඒ සඳහා කිසිඳු අයකිරීමක් නොකරනු ලැබේ.සියල්ල නොමිලේ දැනගැනීමට පුලුවන.
ගොඩක් අයට තියෙන එකම ප්‍රශ්නය තමා ෆොරෙක්ස් නීත්‍යානුකූලද යන්නයි.?ශ්‍රී ලංකා මහ බැංකු නීතියට අනුව සටහන් කර ඇත්තේ නීත්‍යානුකූල ලියාපදින්චියක් නොමැති ෆොරෙක්ස් සමාගම් සමඟ ට්‍රේඩ් කර ඔබගේ මුදල් අනතුරේ දාගැනීමෙන් වලකින ලෙසටයි.එයින් ෆොරෙක්ස් ට්‍රේඩ් කිරීම සපුරා තහනම් යන්න සටහන් වන්නේ නැත.මන්ඳයත් මූල්‍යය වෙළඳපොලෙහි වෙළඳාමේ යෙදීම අපරාධයක් වන්නේ කෙසේද?මූල්‍යය වෙළඳපොලෙහි අදාල ද්‍රව්‍යය වල වටිනාකම් වෙනස් වන්නේ ලෝක ආර්ථිකය මතයි.ලෝකයේ සිදුවෙන ක්‍රියාකාරකම් මතයි.එමෙන්ම ඔබ බැංකුවක අයිතිකරුවෙකු හෝ ඔබගේම කියා වෙළඳමය ආයතනයක ලියාපදිංචිය මහ බැංකුව හරහා ලබා තිබේනම් ඔබට මූල්‍යය වෙළඳපොලෙහි වෙළඳාම් කිරීමට අයිතිය තිබේ.එමෙන්ම ඔබ මහ බැංකුව මගින් ලබා දෙන සහතික ලාභියෙකු නම්,ඔබට මූල්‍යය වෙළඳපොලෙහි වෙළඳාම් කිරීමට අයිතිය ඇත.එමෙන්ම රත්‍තරන්,රිදී,බොර තෙල්,ස්වභාවික ගෑස්,යන ජාත්‍යයන්තර කොටස් වෙළඳපොලෙහි වූ ද්‍රව්‍යය වල වෙළදාම් කිරීමට ඔබට මහ බැංකුවේ අවසර අවශ්‍යය වන්නේ නැත.මන්ඳයත්, මේ සියල්ල පාරිභෝගික පරිහරණ ද්‍රව්‍යයයන් වෙන නිසාවෙනි.ඔබට මහ බැංකුවෙහි අවසරය අවශ්‍යය වන්නේ විදේශ විනිමය අනුපාත සටහන් වන විදේශ මුදල් යුගල වල වෙළඳාම් කිරීම සදහා පමණි.එයට හේතුව ලොව ඕනෑම රටක මුදල් සම්බන්ඳ සියලුම කටයුතුවල අයිතිය සතු වන්නේ අදාල රට තුල වු මහ බැංකුවටයි.මේ සියලුම කරුනු හොදින් වටහාගෙන නිවැරදි ද්‍රව්‍යය පමණක් තෝරාගෙන වෙළඳාමේ නියැලිය හැක.
ඔබ මොකටද ට්‍රේඩ් කරන්නේ?මේ ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් දිය හැකි වන්නේ,මෙය ඔබට හොඳ අමතර ආදාමක් කර ගැනීමට හැකි බවයි.ඔබ උපයන අදායමට අමතරව මුදල් ඉපයීමට ඔබ බලාපොරොත්තු වෙනවානම් මෙය හොඳම අවස්තාවකි.බොහෝ විට ඔබට ඔබගේ ස්ථිර තැන්පතුවෙන් ලැබෙනවාට වඩා වැඩි මුදලක් ට්‍රේඩ් කර ලබා ගත හැක.නමුත් වැඩි ලාභයන් ලබා ගැනීමට ගොස් සියල්ල නැති කර ගැනීමෙන් වළකින්න.ඉවසීමෙන් ට්‍රේඩ් කරන්න මතක තබා ගන්න.තැන්පත් මුදලට සරිලන ආකාරයෙන් ඉතාමත් කුඩා කොටස් මිලදී ගත යුතු බව මතක තබා ගන්න.
මෙයින් අප ඔබට ස්ථිර තැන්පතු බිඳ දමා ට්‍රේඩින් කිරීමට පටන් ගතයුතු බවක් සටහන් කරන්නේ නැත.ස්ථිර තැන්පතු තියෙන ආකාරයෙන්ම පවත්වාගෙන යන අතරතුර අමතර මුදලක් ට්‍රේඩින් සඳහා තැන්පත් කර ට්‍රේඩින් වලින් ලබන ලාබය නැවත තැන්පත් කර ඔබේ ස්ථිර තැන්පතු මුදල වැඩි කරගන්න උත්සාහ කරන්න.අප මේ සදහන් කරනු ලබන්නේ ඔබ විසින් ක්‍රියාත්මක කළයුතු වඩාත් නිවැරදි ක්‍රම පද්ධතියයි.එයින් ඔබේ මුදලටවත් රටේ ආර්ථිකයටත් කිසිදු හානියක් සිදුවනේ නැත.ඔබ නිවැරදි,සාර්ථක වෙලෙඳන්දෙකු කිරීම අපගේ පරමාර්ථයයි.එයින් ඔබටත් රටටත් වෙන්නේ යහපතකි.
ඔබ තැන්පතු කරනු ලබන්නේ $100 ක මුදලක් නම්,0.01 කොටස් උපරිම දෙකකට වඩා විවෘත කිරීමෙන් වළකින්න.සෑම තප්පරයකම අලුත් කොටස් මිලදී ගැනීමෙන් වළකින්න.වෙළඳපොළ මිළ ගනන් පිලිබඳව මනා අධ්‍යයනයක් කර අලුත් කොටස් මිලදී ගැනීමට යොමු වෙන්න අවශ්‍යය මතක තබා ගන්න.ඔබ තෝරා ගත් ද්‍රව්‍යයේ චලනයන් හොදින් බලන්න.එම චලනයන් වල කාල සීමාව වෙනස් කර බලමින් වර්තමනයේ පවතින අගය ඔබට අලුත් කොටසක් මිලදී ගැනීමට හොද අවස්තාවක්ද පරීක්‍ෂාකර බැලීමෙන් පසු වඩාත් සුදුසු කොටස් වර්ගය මිල දී ගැනීමට මතක තබා ගන්න.(මේ සියලු කරුනු ඔබට වඩාත් හොදින් තේරුම් ගත හැකි වන්නේ ඩෙමෝ පුහුනු ගිණුම් වල පුහුනුවීම් ආරම්භ කිරීමෙන් පසුවයි.)
දවසකට මන් මෙච්චරක් උපයනවා යනුවෙන් ප්‍රමාණයක් නියමිත කර ගැනීමෙන් වලකින්න.වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අනුව කෙසේ හෝ ඔබ මසකට සරිලන මුදලක් ලාබය වශයෙන් සොයා ගැනීමට උත්සාහ ගන්න.නිතරම හොද ඉවසීමක් ඔබ තුල තිබීම අනිවාර්‍ය වේ.
අප විසින් සටහන් කරන මේ සියලුම විශේෂ කරුනු මතකයේ තබාගෙන ඔබ වෙළඳාම් කිරීමට යොමු වන්නේ නම්,ඔබ සාර්තක වෙලෙන්ඳෙකු වනු නොඅනුමානය.මන්ඳයත් ලොව තුල ජීවීන් සියල්ලෝම ජීවත්ව සිටින තෙක්, සහ ලෝකයේ මුදල් සමඟ සිදුවන සියලුම භාණ්ඩ හුවමාරුවන් සිදුවන තෙක්, මෙම වෙළඳපොලහි වූ ද්‍රව්‍යය වල මිල ගනන් ඉහළ පහළ චලනය වීම් නතර වන්නේ නැත.එම නිසා අප දැනුවත් කරන කරුනු කාරණා මනා දැනුමකින්, අවබෝධ කර ගන්න.එනිසා නිසි ආකාර පළපුරුද්දක් ලබා ගෙන මනා අවබෝධකින් සහ මනා පළපුරුද්දකින් යුතුව මූල්‍ය වෙළඳපොල සමඟ වෙළඳාමෙහි නිරත වන්න.
ඔබට ජයෙන් ජය!
bottom of page