top of page

දැන් ඔබ මෙම වෙළඳපොල ගැන බොහෝ දේවල් දැනුවත් වී ඇත.එමෙන්ම තව විශේෂයෙන් දැනගත යුතු කරුණක් ඇත.එනම් මෙම වෙළඳපොලෙහි වෙළඳාම් කිරීමේදි එහි වූ නීති රීති දැනගෙන සිටීම අනිවාර්‍ය වේ.මෙම දැනුවත් කිරීම් අනෙකුත් සමාගම් වලින් සිදු කරන්නේ නැත.නමුත් අප ඔබව දැනුවත් කරන්නේ ඔබ අතරමං වීමෙන් වැළැක්වීමටයි.
ඔබ දැනගත යුතු කරුනු බොහෝ ඇත,නමුදු එයින් විශේෂ කරුනු කිහිපයක් ගැන මුලින්ම සඳහන් කරමි.මන්ඳයත් මේවා නොදැන ට්‍රේඩින් සඳහා යොමු වීමෙන් වැළකිය යුතු නිසාය.ඔබ යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප්‍රථම එහි නීතිරීති දැන සිටීම අනිවාර්‍යය වේ..
ඔබ ට්‍රේඩ් කරන අතරතුර සම්බන්ඳතා බිඳ වැටීම් සිදුවිය හැක.එනම් ඔබ වෙලදාම් කරමින් සිටින වේදිකාවේ දර්ශක ඉහල පහල ගමන් කිරීම නතරවිය හැකි අවස්තා ඇත.මෙවැනි සිදුවීම් නිතර සිදුනොවේ නමුත් කලාතුරකින් සිදුවිය හැක.මේවා සිදුවන්නේ ආයතනයේ දැනුවත්කම් වලින් තොරවයි.ඔබගේ වෙළඳ වේදිකාවේ අගයන් ගමන් කරන්නේ නැත්නම් වහාම අප ආයතනයේ සහය අංශය අමතා දැනුම් දෙන්න.එය දැනගත් සැනින් ආයතනයෙන් ඔබගේ වෙළඳ වේදිකාව යලි ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර ගනු ලැබේ.ඉතා සුලු කාලයකින් අගයන් යලි පන නැංවීමට ආයතනය සමත් වේ.මේ සඳහා ගත වෙන වේලාව සහය අංශය අමතා දැන ගැනීමට හැක.මෙවැනි අවස්තාවල ආයතනයට බැන වැදිම හෝ ඔවුන්ගේ කටයුතු වලට බාදා කිරීම අනුවන කාර්‍යකි.මන්ඳයත් වෙළඳ වේදිකාවේ අගයන් ගමන් කරීම නවතින්නේ සබඳතා බිඳවැටීම නිසාය.
අනිත් කරුන වන්නේ බොහෝ දෙනෙකු ස්ටොප් ලොස් හන්ටින් වචනය නිතර පාවිච්චි කරනු ලබයි.නමුත් මෙය හරියටම දැනගෙන විතරක් පාවිච්චි කරන්න මතක තබා ගතයුතු වේ.එයට හේතුව වන්නේ ස්ටොප් ලොස් හන්ටින් නිතරම සිදුවෙනවානම් පමණයි.එනම් ඔබ දාන දාන සෑම අලුත් ට්‍රේඩ් එකකටම ඔබ ස්ටොප් ලොස් අගයක් භාවිතා කරනවානම්, ඔබ විසින් දාන සෑම ස්ටොප් ලොස් අගයක්ම ඔබ විසින් භාවිතා කරන අගය ඉක්මවා ගොස් හෝ අඩුව ගොස් ඔබගේ ගිණුමෙන් කැපි ඉවත්ව යනවානම් පමණක් අදාල ආයතනය ස්ටොප් ලොස් හන්ටින් කරන ආයතනයක් වේ.
එසේ නොවේ නම් අදල ආයතනයේ කිසිම ආකරයක ස්ටොප් ලොස් හන්ටින් කිරීමක් කර නැත.මන්ඳයත් සෑම සේවාදායකයටම අගයන් ඉතා වේගයෙන් ගමන් කරන අවස්තාවල ගමන් ගන්නා අගයන් කියවීමට ඇති නොහැකියාවයි.එවැනි අවස්ථා වල ඔබ විසින් යෙදු නියමයන් අදාල අගයන් තුලම ක්‍රියාත්මක කිරීමට සේවාදායකයට නොහැකි වනු ඇත.මේවා ඔබ විසින් නිවැරදිව වටහා ගතයුතු වේ.එයට හේතුව ඉතාමත් සරලව ඔබට පහදා දෙන්නම්,සිතන්න ඔබ වාහනයක් 120 ක වේගයකින් දාවනය කරනවා යැයි කියා,මෙහිදී ඔබට මාර්ගය දෙපස ඇති දැන්වීම් පුවරු කොතරම් වේගයකින් කියවිය හැකිද යන්න.?සම්පූර්ණයෙන් දැන්වීම් පුවරුව කියවා නිම කල නොහැක.එලෙසම මෙම වෙදිකාවේද වේගය අදික අවස්තාවන්හි ඔබ විසින් යොදන අගයන් හදුනා ගැනීමට නොහැකි වනු ඇත.ඒවා අයතනයට වැළැක්විය හැකි සිදුවීම් නොවේ.
මේ සියල්ල හොදින් මතක තබාගෙන වෙළඳාමේ නියැලිය යුතුයි.මන්ඳයත් ලොව වූ සියලූම උපකරණ සහ මෙවලම් මිනිසා විසින් නිපැයු ඒවා වේ.උපකරණ සහ මෙවලම් විසින් මිනිසාව නිර්මාණය කළා නොවේ.නමුත් මේ සියළු කරැණු,කාරනා බොහෝ දෙනා විසින් අමතක කරනු ලැබේ.එම නිසා ඕනෑම උපකරණක් අක්‍රීය විය හැකි බවත් එවායේ ගැටළු මතුවිය හැකි බවත් තරයේ මතක තබා ගන්න.ඔබට මතු වන ඕනෑම ගැටළුවක් ආයතනයට දැනුම් දීමෙන් ඔබේ ගැටළු නිරාකරණය කරගත හැක.
එමෙන්ම ඔබේ වෙළඳ කොටස් වෙළඳපොලේ (Trading Lots) රැදවිය යුතු කාල සීමාවක් ඇත.එනම් ඔබේ වෙළඳ කොටස් (Trading Lots) විනාඩි දෙකක් අනිවාර්‍යයෙන් වෙළඳපොලේ (Market) රැදවිය යුතුයි.මෙම නීතිය සියළූම සමාගම් වල ඇති නීතියකි.මෙම කාලසීමාව ආයතනයෙන් ආයතනයට වෙනස් වේ.සමහර සමාගම් වල විනාඩි 3,4,5 සහ 6 අනුව කාලසීමාවන් පනවා ඇත.මෙයට හේතුව වන්නේ ඔබ විසින් මිල දී ගන්නා කොටස් වෙළඳපොලට පතිත වී අදාල නියමිත මිල ගනන් තීරණය වීමට ගත වෙන කාල සීමාවයි.එම කාලසීමාවන් මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) අනුව වෙනස් වේ.ඔබ අතින් මෙවැනි ක්‍රියා එක වතාවක් හෝ දෙවතාවක් සිදුවුවාට ගැටළුුවක් වන්නේ නැත.නමුත් මෙවැනි ක්‍රියා එක දිගට ක්‍රියාත්මක වුවහොත් ඔබගේ ගිණුමෙන් අදාල කොටස් ලාභ පිට වසා තිබ්බත්, අලාභ පිට වසා තිබ්බත්, විනාඩි 3ට අඩු කාලසීමාවෙන් වසා දමා ඇති කොටස් සියල්ල කපාහරිනු ලැබේ.මෙම කපා හැරීම සිදු කරනු ලබෙන්නේ මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) වලින් ය.එම බැංකු වලින් ආයතනයෙන් කපාහරිනු ලැබූ විට ආයතනයට ඔබේ ඟිණුමෙන් කපා හැරීමට සිදු වේ.මන්ඳයත් ෆොරෙක්ස් තැරැව්කාර සමාගම් ද අදාල නීතීන්ට යටත්ව වැඩ කටයුතු කළ යුතු බැවිනි.
ඒ වගේම තව විශේෂ කරුණක් තියෙනවා දැනගත යුතු,ඒ තමා ඔබ මෙම වෙළඳ වේදිකාවේ ට්‍රේඩ් කරන අතරවාරයේ ඉතා සුලු කාලයක් ඇතුලත ඔබ මිලදී ගන්න කොටස් මොන පැත්තට දැම්මත් ලාභයක් හිමි වේ නම්, එය වෙළඳ වේදිකාවේ අසාමාන්‍යය වෙනසකි.මෙවැනි අවස්තාවන් වල අලුත් කොටස් මිලදී ගැනීමෙන් වැළකී ආයතනයේ සහය අංශය අමතා හැකි ඉක්මනින් දැනුම් දෙන්න.මෙම සිදුවීම් නිතර දෙවේලේ සිදුවෙන සිදුවීම් නොවේ ඉතාමත් කලාතුරකින් සිදුවෙන සිදුවීම් වේ.නමුත් මේවා මුලින්ම දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.එයින් ඔබ මුහුණ පෑහැකි ගැටළු පෙරාතුව නිරාකරණය කර ගැනීමේ හැකියාව හිමිවනු ඇත.එමෙන්ම මෙම සිදුවීම වෙළඳපොල භාෂාවෙන් හදුන්වනු ලබන්නේ අසාමන්‍යය වෙළඳපොල තත්ව නොහොත් (Non Market Movements,Abnormal market movements) අක්‍රීය වෙළඳපොල ක්‍රියාකාරීත්ව යනුවෙන් ය.මෙම සිදුවීමට බලපාන කරුණ වන්නේ අදාල අයතනයට මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) වලින් අදාල මෘදුකාංගය සමඟ වූ සම්බනඳතාවය විසන්ඳි වී යෑමෙන් ය.එම සිදුවීමෙන් ඔබට අලාභයක් කිසිසේත් නොවේ.මන්ඳයත් අදාල සිදුවීමෙන් ඔබට අසාමන්‍යය ලෙස ලාභයක් පමණක් හිමි වේ. නමුත් මෙවැනි අසාමන්‍යය ලාභයන් ඔබට ආපසු ගැනීමට නොහැකි වන්නේ ආයතනයට මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) වලින් අදාල ලාභය තැරව්කාර සමාගමෙන් කපාහරිනු ලබන බැවින් තැරව්කාර සමාගමට අදාල ගිණුම් හිමියාගේ ගිණුමෙන් කපාහැරීමට සිදුවන බැවිනි.
මෙයින් ඔබ වටහා ගත යුත්තේ නියම ෆොරෙක්ස් තැරව්කාර සමාගමක් මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) වල තීන්දු තීරණ වලට යටත් බවයි.
මන්ඳයත් ඔබ වෙළඳාම් කරනු ලබන්නේ තැරැව්කාර සමාගම් සමඟ බැවිනි.ලොව තුල වූ සියලූම තැරැව්කාර සමාගම් ඔබව වෙළඳපොල සමඟ සම්බන්ඳ කරනු ලබන්නේ මිල ගනන් සපයන බැංකු (Liquidity Provider banks) හරහා මිල ගනන් ලබා ගැනීමෙන් පසුවය.තැරැව්කාර සමාගම් ද අදාල ආයතන වල නීතීන්ට යටහත් පහත් විය යුතුය,එම නිසා සියල්ල සිදු වන්නේ අදාල ආයතනමයෙන්ම යනුවෙන් ඔබේ මනාපය පරිදි සිතා මතා තීරණ ගැනීමන් වළකින්න.මන්ඳයත් ලොව තුල වූ සියලූම සිදුවීම් වලට යම් නීතියක් පිහිටවා ඇත.එය ඔබ ජීවත් වන රටේ නීතිය අනුව වටහා ගැනීමට උත්සාහ ගන්න.මන්ඳයත් ඔබ ජීවත් වන රට අනුව අදාල රටේ නීතීන් පිලිපැදීමට ඔබට සිදුවෙනවා සේම අදාල ආයතනයන්ට ද අදාල නීතිරීති අනුගමනය කිරීමට සිදුවන බව ප්‍රායෝගිකව වටහා ගැනීමට උත්සාහ ගන්න.
මේ සියල්ල වටහා ගැනිමට අපහසු නම් අපට දිය හැකි අවවාදය වන්නේ ඔබ ට්‍රේඩ් නොකළ යුතු බවයි.
අප මෙහි සටහන් කරනු ලබන්නේ විශේෂ කරුනු කිහිපයක් පමණි,වැඩි විස්තර සඳහා අප පහතින් යොමු කරන ලින්කය මත ක්ලික් කරන්න.
https://www.uniglobemarkets.com/risk-disclosure-statement/?lang=si
bottom of page